මං ගැන බිඳුවක්.....

ජීවිතය ගැන අහසක් වගේම හිතන හැමදෙයක් ගැනම සොඳුරු විදියට දකින කෙනෙක් කියලා කිව්වොත් නිවැරදියි.තරු අහස වගේම මමත් නිහඬවම ඉන්න තමයි කැමති.
            තරු අහස පුරාවටම පායපු සඳක් ඉස්සරම ඉන්නැති.ඒත් ඒ සඳ මේ අහසින් බැස යන්න ගියා.‍මේ අහස ලස්සයි කියලා ඒ සඳට තේරුනා නම් කොච්චර ලස්සනයිද....? ඒත ඒක ‍එහෙම වුනා කියලා මේ අහස කළු කරන්න ඕනි නැති නිසාම අදත් පැහැදිලියි.සඳක් නැති වුනාම මං ලස්සන නැතිව ඇති.ඒත් මේ අමාවක හරි ලස්සනයි.බලන්න එදාට බෝ මළුවක පුංචි මැටි පහනක් පත්තු කරාම කොච්චර පිං පාට ලස්සක් තියේද කියලා.මං කැමති ඒ පිං පාටට.මොකද ඒ පුංච් පහනෙත් පුංච් තරු කැටයකත් මට ඒ හැටි ලොකු වෙනසක් නොපෙනෙන නිසා.ඒ අහිංසක බවට මං ආදරෙයි.
    මේ පාළුව හරි ලස්සනයි.කවදාහරි දවසක පුංචි මැටි පහනක් මේ අහස ‍යට දැල්වේවි.එදාට සුළඟට එන්නෙපා කියලා ඒ පුංචි පහන රැක ගන්න මට පුළුවනි.ඒකයි මගේ අහිංසක ප්‍රාර්ථනාව.ලොකු ගිනි දැල්ලකට වඩා..අකීකරු සඳකට ව‍ඩා..ඒ පුංචි පහන් දැල්ලට මම ආදරෙයි...හරිම ආදරෙයි....  


 
මාව දකින්න නුඹට බැරි වෙයි
ඒත් නුඹට පුළුවන් මං බලන්න
හැමදාම තනිනොතනියට ඉන්න 
....මමයි තරු අහස....

මං ගැන හිතන්න නුඹට බැරි වෙයි
ඒත් මගේ සිතුවිලි නුඹ දකියි
ඉතින් ඔය හිත් මඩලේ
......ඇදේවි රුවක් මං ගැන.....

සතුට කඳුළ හැමදාම ගලනවා
හරියටම තරු දිලෙනවා වගේ
ඒත් ඒක මට ලස්සනයි කියලා
....දන්නවා ඔය හිතත්....

අහසේ තරු ගනින්න බෑ වගේම
ජීවිතයට නිර්වචනයක් දෙන්නත්
මට ඔයාට කවද්ද පුළුවන් වුනේ
.....ඒකයි මං තරු අහසක් වුනෙ....

4 comments:

  1. ඈත්තටම ඔය කවුද කියන්න දන්නෙ නෑ ඒ උනත් මම අහම්බෙන් වගේ කියෙව්ව පටන් ගත්ත තෑනම ඉඳල ලස්සනට තියනව හරිම ලස්සනයි ඈයි කියල මම දන්නෙ නෑ මට එහෙම හිතුනෙ සමහර විට ජීවිතේ තනිකම ඔය විඳිනව වගේම මමත් එහෙම විදින නිසා මට ලස්සනට පේනවද කියන්න දන්නෙ නෑ නමුත් ඈත්තටම මට නම් ලස්සනයි ඔය කියන්නෙ ඈත්ත අමාවක කලුවරේ පහනක් දෑල්ලුවම හරිම ලස්සනයි එක කියන්න බෑ හරිම ශාන්ත බවක් ඈති කරවනව නේද හරිම ලස්සනයි නිල් අහස
    thanuja.w

    ReplyDelete
  2. mama mage life 1 dekapu greatest adahas thiyna kolla u tama macho...

    ReplyDelete
  3. අහම්බෙන් වගේ තමයි ඔයගේ බ්ලොග් එකට ගොඩ උනේ.හරිම ලස්සනයි සහෝ.හුගක් හිතට දැනෙන්න ලියල තියෙනවා.තනිකමත් ලස්සන කවි සිතුවිලි මවනවා.

    ReplyDelete
  4. oya ohoma kiyana kota mata godak duka hithenawa

    www.cinelanka.net

    ReplyDelete

තරු අහසට ඔයා සඳක් වගේ පායලා ආ එක කොයිතරම් දෙයක්ද?ඒත් සඳක් වගේ හොරෙන්ම බැස යන්න එපා.ඔය ලස්සන අදහස මට හරි වටිනවා.ඇත්තටම මං ඒකෙන් ලොකු සතුටක් විදිනවා.ඉතින් මොනව හරි ලියන්න කියන මේ දයාබර ආරාධනය ඔයාටමයි.....!