Thursday, November 25, 2010

එදා මෙදා තුර කදුලට විවරව...........

එදා මෙදා තුර කදුලට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ලයේ තලාගිය ‍ස්නේහයේ සුව
සිනා පිරුණු රත් දෙතොල් වසා...
මිලාන වී ගිය - රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ලයේ බැද අවසන් ගමන
සොදුරිය මට‍ නොකියාම ගියා...


                                                        හැමදාම මුවඟ සිනා මල් තිබුණත් ඒ මල් පෙති උඩ හැමදාම තිවුනෙ කඳුළු පිණි බිංදු විතරයි නේද රත්තරං....අද ඒ පිණිත් නෑ මට මලුත් නෑ පැටියෝ....මේ හදවතේ කකියන සෙනෙහස විතරක් මං ළඟ ඉතුරු වෙලා....වෙනදා රෝස මල් ‍වගේ පිපුණ ඔය දෙකොපුල් අනේ අද පරවෙලා.....මාව ආදරෙන් බදා ගන්න ඔය දෑත් පොඩි බැඳගෙන ළය තද කරගත්තට මේ ආදරේ වාන් දමනව මිසක් අඩු වෙන්නෙ නම් නෑ කවදාවත්ම....ඒත් පැටියෝ ඔයා මට කියන්නෙවත් නැතුව යන්නම යන්න ගියා....අනේ මට කියලා දීලාවත් යන්න තිබුණනෙ දුක දරාගෙන ජීවිතේ ඉතුරු දවස් ටික ගෙවල දාන්න....


දෑස් කවුළු පත් පලා කදුලු කැට
වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට - සමුගෙන කදුලක්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
ඈත් නොවේමයි ඒ සුවදින්...

                                                        මේ ඇස් වල දෝරෙ ගලන කඳුළු මං කොහොම නවත්ත ගන්නද ‍මැණික...කවුරු කොහොම කිව්වත් ඒක කරන්න මට බැහැනෙ සුදූ...මං දන්නවා මගේ පැටියා කොහේ හරි ඉඳන් මං දිහා බලාන ඉන්නවා කියලා...මේ මං ළඟම ඉඳලගෙන ඔයත් අඬනවා ඇති....ඉතින් මට කියලා ගියා නම් "අඬන්නෙපා...මට දුකයි කියලා...වස්තුවේ" කියලා මං කොහොම හරි නාඬා ඉන්නවනෙ වස්තුවේ...ඔය සුවඳ මට දැනෙන කොට වාවගන්න මට කොහෙත්ම බෑ...එතකොට මම අඬන‍වා නෙවෙයි මැණික මට ඇඬෙනවා...අනේ කඳුළක් වැටුණට ඔය චූටි දෙතොලට තරහ වෙන්න නම් ඔන්න තහනම්...මගේ මැණිකව ඉඹින්න මං තව කොච්චර කාලයක් බලාන ඉන්නද..අනේ අද විතරයිනෙ මං මගේ රන්කඳ දකින්නෙ...


ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ලයේ හීයේ වේගෙන් අහස උසට බැඳි ආදර ලෝකය හෙටත් තියේ... ඒත් ඉතින් ඒ - සොදුරියෙ ඔබ නැත ඇයිමේ ‍ලොව මා තනිව ගියේ ආයේ දවසක එක හිත් ඇත්නම් මේ අපි ඉපදෙමු එකට ප්‍රියේ...

                                                         මෙච්චර ඉක්මනට මට තනිවෙන්න වෙයි කියලා මං හිතුවෙ නෑ...මමං හැමදාම හිතුවේ මේ ගමන අපි දෙන්නම එකට යන්න..ඒත් ඇයි ඔයා ඉක්මන් වුනේ කෙල්ලෙ...නැත්නම් මට ඉස්සෙල්ල යන්න දෙන්න තිබුණනෙ...දෙහිතක ආදරය තනි හිතකට දරන්න වුනාම හරි අමාරුයි සුදූ....ඒත් අපේ ආදරේ  මහමෙරක් වගේ මං බලාගන්නම්..මගේ මැණික මං ළඟට එනකල්....ඔයා නැති මේ ලෝකෙ දැන් මට කියලා කව්ද රත්තරං ඉන්නෙ..අපිට අපි වුන්න ඒ ආදරේ මතක එක්ක මං මේ පාළු ජීවිතය ගෙවා දමන්නම්...ආයෙමත් දවසක අපි මේ වගේම ආදරෙන් ඉමු...මං බලාන ඉන්නවා මගේ පුංවි කෙල්ලේ...හීනෙන් හරි ඇවිත් කියන්න පැටියෝ..ඔයා එනවා නේද.........?
( පැල්පත කියන බ්ලොග් එකේ යාළුවා මේ සිංදුව දාලා තියෙනවා මං දැක්කෙ අහම්බෙන්.මේ සිංදුව අහන්න ආස නම් එයාගෙ බ්ලොග් එකට යන්න.ඇත්තටම සංවේදී ගීතයක්.ඒකයි මේ ලිපිය ලියන්න හිතුනෙත්. ) 
ගායනය :- සනත් නන්දසිරියන් 
පද රචනය :- විමල් ජයශාන්තයන්

10 comments:

  1. මේ ගීතය බොහෝම තදින් හදට වැදුනු සංවේදී කෙනෙකුට හිතෙන්න පුලුවන් හැඟීම් ටික ඔයා අපූරුවට වචන බවට පත් කරලා . .

    අගෙයි . .

    ReplyDelete
  2. විමල් ජයශාන්තයන්ටත් ඔය ගීතය ලියද්දි ඔහොමම හැගීමක් දැනෙන්න ඇති.
    හරිම අගෙයි.

    ReplyDelete
  3. හිතේ තිබු සංකා කොහෙන් ගියාද මන්දා සහෝ...
    නියම සටහනක්....
    ඒ වගේමයි කැමතිම ගීතයක්....!!!

    අහ් ගොඩාක් පිං මන් වෙනුවෙන් දුක් වුනාට...හිත හදන්න මගේ පැත්තට ආවාට.....

    ReplyDelete
  4. @ තරු අහස: ගීතය ඇසීමට පෙළඹුනේ පැල්පතෙන් බව සදහන් කිරීම සම්බන්ධයෙන් ගොඩක් සංතෝස වෙනවා. ගීතය රසවින්දනය කරඇති ආකාරය නම් අපූරුයි...
    තරු අහසට සුභ පැතුම්.!

    ReplyDelete
  5. හැඟීම් ටික නියමෙට වචන වලට පෙරලලා.

    ReplyDelete
  6. මමත් කැමතිම ගීතයක් ඒ ගීතය ගැන පොඩි ලස්සන විචාරයක් දුන්නට ඉස්තූතියි..හිතට වදින්න ලියල තියනවා සහෝදරයා ඇත්තටම ලස්සනයි !

    ජයවේවා !!

    ReplyDelete
  7. "දෑත ලයේ බැද අවසන් ගමන
    සොදුරිය මට‍ නොකියාම ගියා..."

    ජිවිතේ විදින්න අකමෑති විදගන්න අමරු අත්දෑකිමක්

    ReplyDelete
  8. පාට දෙදුනු වැස්සකට නැහැවිලා
    ආදරේ පිනි අහුරු ඉහිරිලා
    පාට පිනි අග පාට දිය සේදිලා
    ජිවිතේ ලග ආදරේ ගොලු වෙලා.

    ReplyDelete
  9. මම නව සමීකරණයක් සොයා ගතිමි...එයට ආදර සමීකරණය ලෙස නම් තැබිමි...එය විශ්වාසය නැමති විෂයෙන් අවකලනය කලෙමි..අනුකලනය කලෙමි...විචල්‍ය යොදා විසදුවෙමි...පිළිතුර පෙනි පෙනී වරදින හැටි...ඒත් මම තවම විසදමි..විසදන්න..විසදන්න..දුකද වැඩි වන අයුරු..පුදුමයකි...ඒත් ආද‍ර සමිකරණ දුකින් ස්වායත්ත නොවන බව පමණක් මම තේරුම් ගතිමි..

    ReplyDelete
  10. මගේම කමෙන්ට් එකක් මටම දැමීම නම් පුදුමයකි..ඒත් නුඹ පැමිණීම මට සතුටක් යාළුවා..නුඹ මගේ කමෙන්ට් එකට කැමති වීම මට සතුටකි..එයම මට ඇති..

    ReplyDelete

තරු අහසට ඔයා සඳක් වගේ පායලා ආ එක කොයිතරම් දෙයක්ද?ඒත් සඳක් වගේ හොරෙන්ම බැස යන්න එපා.ඔය ලස්සන අදහස මට හරි වටිනවා.ඇත්තටම මං ඒකෙන් ලොකු සතුටක් විදිනවා.ඉතින් මොනව හරි ලියන්න කියන මේ දයාබර ආරාධනය ඔයාටමයි.....!