Friday, June 3, 2011

එදා වගේ අදත්...

හැමදාම උදේට පුංචි පුංචි කුරුල්ලෝ ලස්සනට සිංදු කියනවා...පුංචි පිච්ච මල් ලස්සනට පිපෙනවා..සේපාලිකා ගහ යට රටා තියන පුංචි සේපාලිකා මල් වලට තේරෙන්නෙ නෑ මම දුකින් කියලා...මම හිනාවෙනවා..සත්තකින්ම හිනා වෙනවා...පුංචි පුංචි හීන අහුරු පිටින් මටත් තියෙනවා පුංචි සමනළයෝ...ඔයා අර ඈතට පියාඹන හැටි දකින කොට මටත් මතක් වෙනවා මගේ පුංචි කාලේ..අම්මිගෙ අතේ එල්ලිලා දුර ඈත ලෝකෙක මාත් පුංචි සමනළයෙක් වෙලා ඉස්කෝලෙ ගියා...දන්නවා පුංචි යාළුවේ...හැමදාම මගේ ජීවිතේ හිටියේ අම්මි විතරයි...ඒ ආදරේ මගේ ලෝකෙ කොච්චර ලස්සන කරාද...

මගේ පුංචි යාළුවො සෙල්ලම් බඩු ඉල්ලන කොට දන්නවද පුංචි සමනළයෝ...මම අම්මිට කිව්වෙ නෑ මටත් ඕනි කියලා...මගේ පුංචි හිතට තේරුනාද මන්දා අම්මිගෙ ළග තියෙන්නෙ මට දෙන්න ආදරේ විතරයි කියලා..මගේ ලෝකෙට සරුව පිත්තල කොල අලවන්න නෙවෙයි එයා දුක් වින්දේ...එයාට ඕනි වුනේ හැමදාම මගේ ලස්සන අනාගතේ දකින්න...චූටි සමනළයෝ මේ අහන්න...මට දුකයි..සත්තකින්ම දුකයි...මම දවසකට කොච්චර හිනාවෙනද...යාළුවෝ හිනස්සනවද....ඒත් මගේ හිතේ තියෙන දුක මම කාට කියන්නද...කවුරුත් නෑ...මගේ පුංචි හිතට දැන් දුක දැනෙන්නෙත් නෑ වගේ...මට හරි සතුටුයි...මට පුළුවන්නේ හිනා වෙන්න....

මේ බලන්න..මේ පුංචි සේපාලිකා මල්...පුංචි පුංචි පිච්ච මල්...ඒවා හරිම සුවඳයි...හරිම අහිංසක සුවඳක් ඒ මල් වල තියෙනවා..මං වගේම ඔයත් දන්නවා නේද රන් සමනළයෝ...මට ඕනි නෑ ලොකුම ලොකු නෙළුම් මලක් වෙන්න...මටත් ඕනි මේ වගේ ලස්සන පුංචි පිච්ච මලක් වෙන්න.....ඔයා වගේ පුංචි සමනළයෙක් වෙන්න...දුර ඈත පුංචි පිච්ච මලක් මං එනකල් බලන් ඇති...මං ඒ පිච්ච මලට කොච්චර ආදරෙයිද...ඔයාට ඇහෙනවද මගේ පුංචි පිච්ච මලේ...දැනෙනවද ඔය පුංචි හිතට ....දකින්න බැරි මගේ ආදරේ......