Friday, June 10, 2011

ලියන්න දෙයකුත් නෑ...හිතේ තියෙන ඒවා ලියන්නත් බෑ...තනි වෙච්ච හිත ලියන්න මට හිතෙන්නෙ නෑ...කොච්චර හොඳ කරත් බැනුම් අහන...කොච්චර දේවල් කරත්..පුංචි වැරැද්දක් වුනාම ඒ ඔක්කොම හොඳ අමතක වෙන...ගොඩක් හිත පෑරෙන්න බනින අය ඉන්න ලෝකයක් මේක...ඒත් මේ හිත සැනසෙනවා...ඒ ඔයාලා ළගදි...කොච්චර බැන්නත් ආයෙම ආදරෙන් කථා කරද්දි ඒ දුක නැති වෙනවා....දන්නවා ඔය හිත් දෙකේ තියෙන ආදරේ මං වෙනුවෙන්...

Wednesday, June 8, 2011

සුන්දරයි ඔබ මගේ මතකෙට හෙමින් පිපුණාම....


හේ ඈතට පාවෙන මේ සුළඟ....හෙමිහිට ඈත ඉඳන් අරන් එනවා මගේ පුංචි කුමාරිගෙ සුවඳ...දන්නවද මං මේ සුවඳට කොච්චර ආදරෙයිද කියලා....ඔයාට පුළුවනි නම් ඇවිත් පොඩ්ඩක් කන තියන්න..මගේ මේ හදවතට..ඇහෙයි කාටවත් ඇහෙන්නෙ නැති වෙන්න කියන ආදරේ...මතකයිද අපි හමු වුන ඒ දවස...

Friday, June 3, 2011

එදා වගේ අදත්...

හැමදාම උදේට පුංචි පුංචි කුරුල්ලෝ ලස්සනට සිංදු කියනවා...පුංචි පිච්ච මල් ලස්සනට පිපෙනවා..සේපාලිකා ගහ යට රටා තියන පුංචි සේපාලිකා මල් වලට තේරෙන්නෙ නෑ මම දුකින් කියලා...මම හිනාවෙනවා..සත්තකින්ම හිනා වෙනවා...පුංචි පුංචි හීන අහුරු පිටින් මටත් තියෙනවා පුංචි සමනළයෝ...ඔයා අර ඈතට පියාඹන හැටි දකින කොට මටත් මතක් වෙනවා මගේ පුංචි කාලේ..අම්මිගෙ අතේ එල්ලිලා දුර ඈත ලෝකෙක මාත් පුංචි සමනළයෙක් වෙලා ඉස්කෝලෙ ගියා...දන්නවා පුංචි යාළුවේ...හැමදාම මගේ ජීවිතේ හිටියේ අම්මි විතරයි...ඒ ආදරේ මගේ ලෝකෙ කොච්චර ලස්සන කරාද...

මගේ පුංචි යාළුවො සෙල්ලම් බඩු ඉල්ලන කොට දන්නවද පුංචි සමනළයෝ...මම අම්මිට කිව්වෙ නෑ මටත් ඕනි කියලා...මගේ පුංචි හිතට තේරුනාද මන්දා අම්මිගෙ ළග තියෙන්නෙ මට දෙන්න ආදරේ විතරයි කියලා..මගේ ලෝකෙට සරුව පිත්තල කොල අලවන්න නෙවෙයි එයා දුක් වින්දේ...එයාට ඕනි වුනේ හැමදාම මගේ ලස්සන අනාගතේ දකින්න...චූටි සමනළයෝ මේ අහන්න...මට දුකයි..සත්තකින්ම දුකයි...මම දවසකට කොච්චර හිනාවෙනද...යාළුවෝ හිනස්සනවද....ඒත් මගේ හිතේ තියෙන දුක මම කාට කියන්නද...කවුරුත් නෑ...මගේ පුංචි හිතට දැන් දුක දැනෙන්නෙත් නෑ වගේ...මට හරි සතුටුයි...මට පුළුවන්නේ හිනා වෙන්න....

මේ බලන්න..මේ පුංචි සේපාලිකා මල්...පුංචි පුංචි පිච්ච මල්...ඒවා හරිම සුවඳයි...හරිම අහිංසක සුවඳක් ඒ මල් වල තියෙනවා..මං වගේම ඔයත් දන්නවා නේද රන් සමනළයෝ...මට ඕනි නෑ ලොකුම ලොකු නෙළුම් මලක් වෙන්න...මටත් ඕනි මේ වගේ ලස්සන පුංචි පිච්ච මලක් වෙන්න.....ඔයා වගේ පුංචි සමනළයෙක් වෙන්න...දුර ඈත පුංචි පිච්ච මලක් මං එනකල් බලන් ඇති...මං ඒ පිච්ච මලට කොච්චර ආදරෙයිද...ඔයාට ඇහෙනවද මගේ පුංචි පිච්ච මලේ...දැනෙනවද ඔය පුංචි හිතට ....දකින්න බැරි මගේ ආදරේ......