Showing posts with label මගේ ලොව. Show all posts
Showing posts with label මගේ ලොව. Show all posts

Friday, June 10, 2011

ලියන්න දෙයකුත් නෑ...හිතේ තියෙන ඒවා ලියන්නත් බෑ...තනි වෙච්ච හිත ලියන්න මට හිතෙන්නෙ නෑ...කොච්චර හොඳ කරත් බැනුම් අහන...කොච්චර දේවල් කරත්..පුංචි වැරැද්දක් වුනාම ඒ ඔක්කොම හොඳ අමතක වෙන...ගොඩක් හිත පෑරෙන්න බනින අය ඉන්න ලෝකයක් මේක...ඒත් මේ හිත සැනසෙනවා...ඒ ඔයාලා ළගදි...කොච්චර බැන්නත් ආයෙම ආදරෙන් කථා කරද්දි ඒ දුක නැති වෙනවා....දන්නවා ඔය හිත් දෙකේ තියෙන ආදරේ මං වෙනුවෙන්...

Monday, December 6, 2010

නු‍ඹෙ සෙනෙහස සුවඳ දදී දැනුනා මට අම්මේ .....

තකයි එක දවසක්දා මහ හයියෙන් අකුණු ගහ ගහ වහින වෙලාවක තාත්ත අපි දාලා යන්න ගියා.එදා වැස්සටද මන්දා ඔය කඳුළු මට පෙනුනෙ නෑ අම්මේ.පුංචි කාලෙ ඉඳලාම ඔයා උකුළට වෙලා උණුසුමට හිටියා මිසක් මට කොයින්ද අම්මේ ලෝකෙ ගැන කප්පරකට තේරුමක්.ඒත් අද එහෙම නෙමෙයි.හැම දෙයක්ම වෙනස් වෙලා.අම්මිට මතකද දන්නෙ නෑ..මම පොඩිකාලේ තනේ අරවා ගන්න ඔයා කොච්චර ඔයා මහන්සි ගත්තද කියලා.මම අවුරුදු හත අටක්ම නිදාගත්තෙ ඔය පපුවට තරුළු වෙලා.මට එහෙම නොවුන නම් නින්ද ගියේ නෑ කියලා ඔයත් දැනන් හිටියා.ඔයා කලේ මාව ආදරෙන් තුරුළු කරගන්න එක..මගේ ඔළුව ම‍ට නින්ද එනකල්ම අතගාන එක..අන්තිමට මට නින්ද යා ගෙන එන කොට මගේ නළලට හාදුවක් දීලා දෙපැත්තට කොට්ටට දෙකක් තියන කොම මට දන්නෙ නැතිවම නින්ද ගිහින්.එතකොම මම දකින ලස්සන පුංචි හීන වල ඔයා හරි ලස්සනට මගේ "රන් කැටියා" කියලා හිනාවුනා.එදා වගේම......හැමදාම මං දකින්න ආස ඔය හිනාව අදත් ඉස්සර වගේමයි....
                          
අප්පච්ච් යන දවසේ ඇහුනා ඉකිබිඳුම
ඒ ද‍වසෙම හතර වටින් වැටුණා මහ වැස්ස
ඇකයෙ තියා මගෙ නළලත සිම්බේ නුඹ කිමද
වැටෙන කඳුළු දැනුනා මට හීතල වී කොපුල
.....පින්න කියා හිතුවා මම අම්මේ පොඩි හින්ද.....

බැද්ද කොටා කකියනවද අම්මේ නුඹෙ දෙපය
කඳුළු වලින් පිරිමදින්නෙ දැනෙන දුකද නුඹට
කථා කරන දෙනෙත් වලින් සනසනවද මාව
.....සිනා තියා වැහැරුනාද අම්මෙ නුඹෙ සිරුර.....

හිරු දෙවියනි වැහි දෙවියනි ගන්න එපා තරහ
සුළඟ ගිහින් අඩු කරන්න මගෙ අම්මගෙ වෙහෙස
කීයක් හරි හොයාගන්න අපි දෙන්නට කන්න
.....අම්මා මගේ යන්න ගියා අදත් ඉතින් වෙලට.....

යනෙන මගදි දකිනා විට අතහැර ගිය අප්පා
නෙතේ කඳුළු බොඳ වෙනවා සිහිවෙනකොට අම්මා
මතු භවයෙදි සෙනෙහෙ සිතක් හිමි වෙනවා සත්තයි
.....ආදරබර උකුල් තලේ නිදියන පුතු මමමයි.....

                            එත් අම්මෙ එක වෙනසක් තියෙනවා දැන්..ඉස්සර වගේ දැන් මට ඔයා බත් කවන්නෙ නෑ..මට කථා කියලා දෙන්නෙ නෑ..නින්ද යනකල් ඔළුව අතගාන්නෙ නෑ...ඔයා මට කියලා දෙන්න ඕනි වුන ඔක්කොම කථා කියලා ඉවරද මගේ අම්මේ...කමක් නෑ අම්මෙ මං තරහා නෑ..අදත් ඔයා උයලා තියලා පුතේ කාපන් කියන කොට ඔයාගෙ ආදරේ මට දැනෙනවා...මම ඔයාට වඳින කොට මගේ ඔළුව අතගාන කොට මට ඒක දැනෙනවා..එදා වගේ වඩාගෙන මාව රවුමක් කරකවන්න ඔයාට තාම ආසයි කියලා මම දන්නවා අම්මෙ..ඒත් කාලය කරපු වෙනස කොච්චරද අම්මෙ...එදා මෙදා තුර වෙනස් නොවුන එකම දේ මගේ සුදු අම්මියගෙ ආදරේ විතරයි නේද මට...තරහ ගියාම චුට්ටක් හයියෙන් කථා කරාම අම්මා හිතනව ඇති මම වෙනස් වෙලා කියලා..අනේ මම කොහොම වෙනස් වෙන්නද...මගේ ලෝක ඔයානෙ..ඇත්තටම ඔයා නැති වුනාම මම තනියම කියලා ඔයාටත් දුකයි නේද....
                   කවදාවත්ම සැපක් නොවිඳපු ඔයා අදත් විඳින්නෙ දුකම නේද...