
පුංචි හා පැටියෙක් වගේ දිව්ව ඔයා...මුවැත්තියක් වගේ ඇස් දෙක...ම්..කොහොම කියන්නද නිල් තරු ඇස් දෙක ගැන...ඔය අහිංසක පුංචි හිත...මට තාම මතකයි...ඉර සඳු තියෙනතාක් කල් මට ඉන්න තියෙනව නම් ඔය පුංචි උකුලේ....අපේ මේ ආදරේට මං හරිම ආදරෙයි...දන්නවද මගේ පුංචි කෙල්ලේ...මං කොච්චර ආදරේද කියලා....
වෙන් වුවත් නුඹ මොහොතකට වුව තරහා දැනුණාම
සැංගුවත් නෙතු අහක බල බල කඳුළු පිපුණාම
ළං වුවත් මම ඈත දිව්වම තරහා දැනුණාම
.....සුන්දරයි නුඹ මගේ මතකෙට හෙමින් පිපුණාම.....
සැර වුවත් මම කොහොම ඉන්නද දුරින් සිටියාම
නින්ද කෙලෙසක ළං කරන්නද සුවඳ මැකුණාම
කාට පෙම් සිත පුද කරන්නද නුඹව නැති දාක
.....යන්නෙ නෑ මම ළඟින් ඉන්නම් සසර හැමදාම.....
නින්ද නැති රෑ මන්ද මැදියම ඉන්නෙ ළගපාත
කට්ට කළුවර රෑක නුඹ එයි විලස සඳ පාන
පාළු සිත ළග සෙමින් ලෙළ දෙන නුඹයි පෙම් පහන
හැම දෙයක්ම හරිම අපූරුවට ගල පලා තියනවා.මගෙ හිතටත් මෙ හැම දේම මේ විදියටම දැනෙනවා.ඒත් ලියා ගන්න බෑ. බොහොම ස්තූතියි හිත ආදරෙන් පිරෙන තරමට කවි පද ටිකක් කියවන්න ලැබුනා
ReplyDeleteනියමයි සහෝදරයා. ලස්සනට ලියලා තියෙනවා. මම ගොඩක්ම ආස
ReplyDelete"මං හරිම ආදරෙයි...දන්නවද මගේ පුංචි කෙල්ලේ...මං කොච්චර ආදරේද කියලා...."
කොටසට. ඒක ගොඩක්ම ලස්සනයි කියලා හිතෙනවා.
(ඉඩක් ලද වෙලාවක මගේ බ්ලොග් එක පැත්තෙත් එන්න.)
එල ආ... නියමයි.
ReplyDeleteකාලෙකින් තරු අහස පැත්තේ ආවේ........
ReplyDeleteම්ම්ම්ම් හරිම ලස්සනයි.
"සැර වුවත් මම කොහොම ඉන්නද දුරින් සිටියාම
නින්ද කෙලෙසක ළං කරන්නද සුවඳ මැකුණාම
කාට පෙම් සිත පුද කරන්නද නුඹව නැති දාක
.....යන්නෙ නෑ මම ළඟින් ඉන්නම් සසර හැමදාම....."
නොකියපු කතාවක්ද මංදා...... :)
අඩේ උඹ ආයෙත් ලියනවා එහෙනම් .. නියමයි මචං මට කොච්චර සතුටක්ද උඹ ආයේ ලියනවා කීවාම .. නියමයි මචං ජයවේවා .. මොකද බං එකපාරටම බ්ලොග් එක දාලා යන්න ගියේ ?
ReplyDeleteදැන් දිගටම ලියනවා නේද ?
ලස්සනයි මල්ලා ගොඩාක් මම මේ අහම්බෙන් ගොඩ උනේ තරු අහසට මෙන්න ඔයා ලියලා අලුතින්,ම්ම්ම්ම්...සෝයි....
ReplyDeleteනියමයි තරු මල්ලියෙ දිගටම ලියන්න අපි ආසාවෙන් බලනවා....
ReplyDeleteනියමයි තරූ මල්ලියො ගොඩක් ලස්සනයි.
ReplyDelete