Tuesday, December 14, 2010

පියාණනි නුඹ නැතිවුන දාකට.....!

දෙනෝ දාහක් යනෙන මග තොට
නුඹේ රුව මතු  වන තුරා.......
අතට ටොපියක් රැගෙන එනකල්
හීන පිපුණට සිත් මලේ.......
කල්පයක් තව බලා උන්නට
ඔබ නොඑන මාවත දිගේ.....
යන්න ආපසු මතක නෑ මට
කඳුළු පිපුණා ඇස් කොනේ...

Monday, December 6, 2010

නු‍ඹෙ සෙනෙහස සුවඳ දදී දැනුනා මට අම්මේ .....

තකයි එක දවසක්දා මහ හයියෙන් අකුණු ගහ ගහ වහින වෙලාවක තාත්ත අපි දාලා යන්න ගියා.එදා වැස්සටද මන්දා ඔය කඳුළු මට පෙනුනෙ නෑ අම්මේ.පුංචි කාලෙ ඉඳලාම ඔයා උකුළට වෙලා උණුසුමට හිටියා මිසක් මට කොයින්ද අම්මේ ලෝකෙ ගැන කප්පරකට තේරුමක්.ඒත් අද එහෙම නෙමෙයි.හැම දෙයක්ම වෙනස් වෙලා.අම්මිට මතකද දන්නෙ නෑ..මම පොඩිකාලේ තනේ අරවා ගන්න ඔයා කොච්චර ඔයා මහන්සි ගත්තද කියලා.මම අවුරුදු හත අටක්ම නිදාගත්තෙ ඔය පපුවට තරුළු වෙලා.මට එහෙම නොවුන නම් නින්ද ගියේ නෑ කියලා ඔයත් දැනන් හිටියා.ඔයා කලේ මාව ආදරෙන් තුරුළු කරගන්න එක..මගේ ඔළුව ම‍ට නින්ද එනකල්ම අතගාන එක..අන්තිමට මට නින්ද යා ගෙන එන කොට මගේ නළලට හාදුවක් දීලා දෙපැත්තට කොට්ටට දෙකක් තියන කොම මට දන්නෙ නැතිවම නින්ද ගිහින්.එතකොම මම දකින ලස්සන පුංචි හීන වල ඔයා හරි ලස්සනට මගේ "රන් කැටියා" කියලා හිනාවුනා.එදා වගේම......හැමදාම මං දකින්න ආස ඔය හිනාව අදත් ඉස්සර වගේමයි....
                          
අප්පච්ච් යන දවසේ ඇහුනා ඉකිබිඳුම
ඒ ද‍වසෙම හතර වටින් වැටුණා මහ වැස්ස
ඇකයෙ තියා මගෙ නළලත සිම්බේ නුඹ කිමද
වැටෙන කඳුළු දැනුනා මට හීතල වී කොපුල
.....පින්න කියා හිතුවා මම අම්මේ පොඩි හින්ද.....

බැද්ද කොටා කකියනවද අම්මේ නුඹෙ දෙපය
කඳුළු වලින් පිරිමදින්නෙ දැනෙන දුකද නුඹට
කථා කරන දෙනෙත් වලින් සනසනවද මාව
.....සිනා තියා වැහැරුනාද අම්මෙ නුඹෙ සිරුර.....

හිරු දෙවියනි වැහි දෙවියනි ගන්න එපා තරහ
සුළඟ ගිහින් අඩු කරන්න මගෙ අම්මගෙ වෙහෙස
කීයක් හරි හොයාගන්න අපි දෙන්නට කන්න
.....අම්මා මගේ යන්න ගියා අදත් ඉතින් වෙලට.....

යනෙන මගදි දකිනා විට අතහැර ගිය අප්පා
නෙතේ කඳුළු බොඳ වෙනවා සිහිවෙනකොට අම්මා
මතු භවයෙදි සෙනෙහෙ සිතක් හිමි වෙනවා සත්තයි
.....ආදරබර උකුල් තලේ නිදියන පුතු මමමයි.....

                            එත් අම්මෙ එක වෙනසක් තියෙනවා දැන්..ඉස්සර වගේ දැන් මට ඔයා බත් කවන්නෙ නෑ..මට කථා කියලා දෙන්නෙ නෑ..නින්ද යනකල් ඔළුව අතගාන්නෙ නෑ...ඔයා මට කියලා දෙන්න ඕනි වුන ඔක්කොම කථා කියලා ඉවරද මගේ අම්මේ...කමක් නෑ අම්මෙ මං තරහා නෑ..අදත් ඔයා උයලා තියලා පුතේ කාපන් කියන කොට ඔයාගෙ ආදරේ මට දැනෙනවා...මම ඔයාට වඳින කොට මගේ ඔළුව අතගාන කොට මට ඒක දැනෙනවා..එදා වගේ වඩාගෙන මාව රවුමක් කරකවන්න ඔයාට තාම ආසයි කියලා මම දන්නවා අම්මෙ..ඒත් කාලය කරපු වෙනස කොච්චරද අම්මෙ...එදා මෙදා තුර වෙනස් නොවුන එකම දේ මගේ සුදු අම්මියගෙ ආදරේ විතරයි නේද මට...තරහ ගියාම චුට්ටක් හයියෙන් කථා කරාම අම්මා හිතනව ඇති මම වෙනස් වෙලා කියලා..අනේ මම කොහොම වෙනස් වෙන්නද...මගේ ලෝක ඔයානෙ..ඇත්තටම ඔයා නැති වුනාම මම තනියම කියලා ඔයාටත් දුකයි නේද....
                   කවදාවත්ම සැපක් නොවිඳපු ඔයා අදත් විඳින්නෙ දුකම නේද...


Wednesday, December 1, 2010

නිකැළැල් බව ලේ බිඳකින් මනින්නට හැකිදෝ...

  තින් එන සුළඟ දවස තිස්සෙම එහෙ මෙහෙ දුවපු ගතට පුදුම හිතෙන සුවයක් අරන් ඇවිල්ලා ටිකක් වෙලා ළඟ දඟ කරලා ඈතට යන්න ගියා.මගේ උකුළ උඩ හිස තියාගෙන මගේ අතත් තුරුළු කරගෙන මගේ පුංචි කෙල්ල ලොකු කල්පනාවක.මං හෙමින් පාත් වෙලා කෙස් රොදකින් වැහිලා තිබුන චූටි බෙල්ලට දොතොල තිවුවා.අනේ..වැඩි වෙලාවක් යන්න වුනේ නෑ මගේ අතට වැටුණ ඒ නෙතු අග්ගිස්සෙන් කඳුළු බිංඳුවක්.මගේ නෙත් වලටත් තෙත් වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ.ඒ අපේ දෙහිතම හැඟුම්බර වෙලා තිබුන නිසා වෙන්න ඇති.

Sunday, November 28, 2010

අහෝ මේ කුමන අරුතක්ද මිනිසුනේ.....?????

                                   ම කොනකට වී බලා සිටියෙමි.පුංචි පුංචි කහ පාට විදුලි බුබුළු මැද දහ අට රියන් උස බුදු සමිඳු පෙනෙන අපූරුව හිතට ගෙනාවේ කියා ගන්න බැරි තරම් නිරාමිස සතුටක්.ඒ සතුට විඳින ගමන්ම මම බලන් හිටියෙ කඩි ගුලක් වගේ දුවන මේ මිනිසුන් දිහා.බුදු සමිඳුගෙ දෙපතුල්

Thursday, November 25, 2010

එදා මෙදා තුර කදුලට විවරව...........

එදා මෙදා තුර කදුලට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ලයේ තලාගිය ‍ස්නේහයේ සුව
සිනා පිරුණු රත් දෙතොල් වසා...
මිලාන වී ගිය - රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ලයේ බැද අවසන් ගමන
සොදුරිය මට‍ නොකියාම ගියා...

Wednesday, November 24, 2010

මගේ යාළු සඳේ.....!

සඳේ නුඹ ‍හෙමි හෙමින් පායන අපූරුව....අර ඈත තුරු වඳුල උඩින් පනින්න හදන උඹ හරියට මගේ නෙතඟින් පනින්න හදන කඳුළක් වගේමයි.තව පොඩ්ඩකින් ඒ කඳුළ වැටේවි.උඹ හිතන්න එපා මං අඬනව කියලා..............

Sunday, November 21, 2010

හැඩබර නුඹ වත.....

ආදරය.......අකුරු හතරක මේ තරම්ම දුකක සැඟවිලා ති‍යෙන බව දන්නව නම් මං කවමදාවත් ඔයාට ආදරේ කරන්නෙ නෑ රත්තරං.....ඔයා හරිම ලස්සනයි.අද මට ඒ ලස්සන මහමෙරකටත් වඩා පේන්නෙ ඔය ආද‍රේ අරන් ඔයා යන්නම යන්න යන නිසාද මන්ද...දෙයක් වැඩියම ලස්සන අහිමි වෙනකොම කියලා මං අහලා තිබුණා පැටියෝ...