නුඹේ රුව මතු වන තුරා.......
අතට ටොපියක් රැගෙන එනකල්
හීන පිපුණට සිත් මලේ.......
කල්පයක් තව බලා උන්නට
ඔබ නොඑන මාවත දිගේ.....
යන්න ආපසු මතක නෑ මට
කඳුළු පිපුණා ඇස් කොනේ...
මතකයි එක දවසක්දා මහ හයියෙන් අකුණු ගහ ගහ වහින වෙලාවක තාත්ත අපි දාලා යන්න ගියා.එදා වැස්සටද මන්දා ඔය කඳුළු මට පෙනුනෙ නෑ අම්මේ.පුංචි කාලෙ ඉඳලාම ඔයා උකුළට වෙලා උණුසුමට හිටියා මිසක් මට කොයින්ද අම්මේ ලෝකෙ ගැන කප්පරකට තේරුමක්.ඒත් අද එහෙම නෙමෙයි.හැම දෙයක්ම වෙනස් වෙලා.අම්මිට මතකද දන්නෙ නෑ..මම පොඩිකාලේ තනේ අරවා ගන්න ඔයා කොච්චර ඔයා මහන්සි ගත්තද කියලා.මම අවුරුදු හත අටක්ම නිදාගත්තෙ ඔය පපුවට තරුළු වෙලා.මට එහෙම නොවුන නම් නින්ද ගියේ නෑ කියලා ඔයත් දැනන් හිටියා.ඔයා කලේ මාව ආදරෙන් තුරුළු කරගන්න එක..මගේ ඔළුව මට නින්ද එනකල්ම අතගාන එක..අන්තිමට මට නින්ද යා ගෙන එන කොට මගේ නළලට හාදුවක් දීලා දෙපැත්තට කොට්ටට දෙකක් තියන කොම මට දන්නෙ නැතිවම නින්ද ගිහින්.එතකොම මම දකින ලස්සන පුංචි හීන වල ඔයා හරි ලස්සනට මගේ "රන් කැටියා" කියලා හිනාවුනා.එදා වගේම......හැමදාම මං දකින්න ආස ඔය හිනාව අදත් ඉස්සර වගේමයි....
වඩාගෙන මාව රවුමක් කරකවන්න ඔයාට තාම ආසයි කියලා මම දන්නවා අම්මෙ..ඒත් කාලය කරපු වෙනස කොච්චරද අම්මෙ...එදා මෙදා තුර වෙනස් නොවුන එකම දේ මගේ සුදු අම්මියගෙ ආදරේ විතරයි නේද මට...තරහ ගියාම චුට්ටක් හයියෙන් කථා කරාම අම්මා හිතනව ඇති මම වෙනස් වෙලා කියලා..අනේ මම කොහොම වෙනස් වෙන්නද...මගේ ලෝක ඔයානෙ..ඇත්තටම ඔයා නැති වුනාම මම තනියම කියලා ඔයාටත් දුකයි නේද....