Sunday, November 21, 2010

හැඩබර නුඹ වත.....

ආදරය.......අකුරු හතරක මේ තරම්ම දුකක සැඟවිලා ති‍යෙන බව දන්නව නම් මං කවමදාවත් ඔයාට ආදරේ කරන්නෙ නෑ රත්තරං.....ඔයා හරිම ලස්සනයි.අද මට ඒ ලස්සන මහමෙරකටත් වඩා පේන්නෙ ඔය ආද‍රේ අරන් ඔයා යන්නම යන්න යන නිසාද මන්ද...දෙයක් වැඩියම ලස්සන අහිමි වෙනකොම කියලා මං අහලා තිබුණා පැටියෝ...අද ඒක මට දැනෙනවා රන්...ඔයා යන්නම යන්න වස්තුවේ...ආයෙම එන්නත් එපා..මට මේ දුකම සතුටක්...ඔය හිත මටත් වඩා ආදරෙන් එයා බලා ගනීවි....මේ ලස්සන වෙලාවේ ඔහොම දුකින් මං දිහා බලන්නෙපා මැණික...මට දරා ගන්න බෑ එතකොට....ඔයා මේ ආත්ම හතම එයා එක්ක ඉන්න..මං බලාන ඉන්නම්...ඒත්..ඊළඟ ආත්මෙ ඉඳලා ඔයා මගේ....මගේම විතරයි....වෙන කරන්න දෙයක් නෑ වස්තුවේ....මං දිහා බලන්න එපා...ඔය චූටි අත දෙන්න එයාට...අපේ මේ ආදරේ අපේම විතරයි....තව කව්රැවත් දන්නෙ නෑ....මං හැමදාම ආදරේ මගේ මැණිකට විතරයි....

බරයි නුඹ අද හැඩ බරයි
දිලෙයි මිණි මෙන් නෙතු දිලෙයි
සැලෙයි නා දළු තොල් සැලෙයි
වගෙයි නුඹ පුර හඳ වගෙයි

.....ඒත් ඔය වත දුක් බරයි.....

බැරිය ඉන්නට බැරිය ළං වී
එපා කඳුලැල් එපා නෙතු අග
මකා මතකය මකා මොහොතක
හිනා වීයන් හිත හැදෙන්නට

සුභ පැතුම් මැද ඔහුගෙ අත ගෙන
මා නොඑන දා ඔහුගෙ ලොව තුළ
අහස වීයන් පුංචි තරුවට
.....බසින දා සඳ එළිය නොකරම....

21 comments:

  1. මිත්‍රයා අදයි ඔයාගේ තරු අහසට මම ගොඩ වැදුනේ !

    ඇත්තටම ලස්සන අදහස් ගොඩක් මෙහේ තියනවා මම අහම්බෙන් මේ පැත්තේ ආවේ අද ඉඳලා දිගටම එන්නම්..

    මේ කවි සිතුවිල්ලත් ගොඩක් ලස්සනයි !

    තරු අහසට

    ජයවේවා !!

    ReplyDelete
  2. ස්තුතියි සඳරැ..මං කියන නම හරිද....

    ReplyDelete
  3. හදවතට දැනෙන පට්ට පද පෙලක්....
    දිගටම ලියන්න සහෝ...

    ReplyDelete
  4. ඔහ්..හසියා ඔයත් ආවා එහෙනම් මේ පැත්තේ.ගොඩක් ස්තුතියි සහෝ....

    ReplyDelete
  5. මචා මම සදරු !
    උඹ ලියලා තියෙන්නේ සඳරැ කියලනේ !

    ReplyDelete
  6. දුක්බරව සිත අසයි නුඹ ගැන
    කුමක් පවසනු නොහැ‍ඟෙ මා හට
    මගේ සෙනෙහස නොඉවසූ ඔබ
    ගියේ කෙලෙසද මා දමා හැර

    ReplyDelete
  7. @ හිස් අහස...
    අනේ මචෝ මට හැම තිස්සෙම "රු" වරදිනවා.මට කියන්නකො හරියට මේක type කරන්නෙ කොහොමද කියලා.

    @ Jeew...
    තුන් සිතම නුඹ ළඟයි හැම විට
    පාරවන සිත සොයයි ඔය රුව
    පණට පණ මෙන් ආදරෙයි මම
    නුඹ සඳක් මා කඩුපුල් මලක්....

    ReplyDelete
  8. මාත් අඔය විදිහටම හිතලා ඔයටික කියපු දවසක් තිබුනා ....

    ඒ දවස් ගෙවිල ගිහින්.. හුගාකල..

    ReplyDelete
  9. @ ඉලංදාරියා...
    මෙහෙම කියන්න පුළුවන් උත්තරීතර ආදරයක් ගැන විතරයි යාළුවේ...එහෙම ආදරයක් ඇති වෙන්න නම් දෙන්නගෙම හදවත් ලස්සන වෙන්න ඕනි..ඔයා විතරක් ‍ආදරේ කරලා වැඩක් නෑ..මම හරි නේද....

    ReplyDelete
  10. මචෝ නියමයි... ආ... අපිට මේතරම් වැදුන නම්, උඹට කොහොම වැදිල ඇත්ද? එල එල..

    ReplyDelete
  11. @ prasanna86k....
    ඔයාව මේ පැත්තට සාදරයෙන් පිළගත්තා ඔන්න....

    ReplyDelete
  12. එළ.. සිදංගනාගේ බ්ලොග් එකේ කමෙන්ට් එක දැකලයි මේ පැත්තෙ ආවේ.. ලස්සන බ්ලොග් එකක්. දිගටම ලියන්න..ජය..

    ReplyDelete
  13. ඔයාගේ අදහස් ලස්සනයි යාලුවේ....
    දිගටම ලියන්න..

    ReplyDelete
  14. "ඔයා මේ ආත්ම හතම එයා එක්ක ඉන්න..
    මං බලාන ඉන්නම්...ඒත්..ඊළඟ ආත්මෙ ඉඳලා ඔයා මගේ....මගේම විතරයි...."

    දෙවියනේ....ඔයා මේක කොහොමද ලිවුවේ...මේ මගේ වචන නේද....?
    ඇත්තටම කියනවා නම් මීට අවුරුදු 7 කට කලින් ඒ කියන්නේ අපි වගේම අපේ ආදරේ ගොඩාක් පුංචි කාලේ...පොඩි සිද්දියකදී මම මේ අකුරු ටිකම ලොකු ලියුමක ලියල යැවුවා...
    ඊයේ කියෙවුවෙ කවිය විතරයි...අදයි මේ කොටස දැක්කේ....
    මගේ පිස්සි මේක දැක්කොත් එයටත් ඒ වචන මතක් වෙයි...

    ReplyDelete
  15. ඔහ්..මෙහෙම කියන කොට මාර සතුටක් දැනුනා.ඒත් මේ වගේ කාටවත් වෙන්න එපා දෙයියනේ..ඔයා නියම ආදරවන්තයෙක්..ඔයාල දෙන්න එකතු වුන දවසට දෙන්නම එකතු වෙලා ලස්සන බ්ලොග් ‍එකක් ලියන්න..ඇත්තටම ලස්සන වේවි...

    ReplyDelete
  16. මාව බලන්න ඇවිත් ගියපු තරු අහ‍සේ තරු එළිය දි‍ගේ ආ‍වේ....
    ඇත්තටම හිතට වදිනවා කතාව ව‍ගේම පද ‍පෙලත්....
    ඒත් ඉතින් ඊළග ආත්‍ ‍මෙත් ඕකම අහන්න‍ වෙයිද කියලා හිතිලා ඉන් ‍නේ..... :)
    හරිම ලස්සනයි අයියා/මල්ලි......
    දිගටම ලියන්න.....

    ReplyDelete
  17. ගොඩක්ම ස්තුතියි හා පැටික්කියෝ...ලොකු සතුටක් ඔයා ආව එක...

    ReplyDelete
  18. බලමු බලමු යාලුවේ ඔවට තව කල් තියෙනව නොවැ.....

    ReplyDelete
  19. ලස්සනයී සහෝ
    ලෙන්ගතු කමක් දැනෙනවා
    දිගටම ලියන්න මාත් මේ පැත්තට එන්නම්

    ReplyDelete
  20. ඔයාට ස්තුතියි ‍යෙහෙළියේ ගොඩක්..එන්න එන්න..මම ඔයාව ‍සාදරයේන පිළගන්නවා ඔන්න..

    ReplyDelete
  21. මට පාළුයි ද කොහෙද.....
    මට ඔයාව මතක් වෙනවද මන්ද....
    මම ඔයට අදරෙද මන්ද...

    ඔන්න අදත් ඔයාගෙ තරු අහස එලිය කටන්න මේ
    අමාවක තරුව පවුවා..ලස්සනයි යාලු.

    ReplyDelete

තරු අහසට ඔයා සඳක් වගේ පායලා ආ එක කොයිතරම් දෙයක්ද?ඒත් සඳක් වගේ හොරෙන්ම බැස යන්න එපා.ඔය ලස්සන අදහස මට හරි වටිනවා.ඇත්තටම මං ඒකෙන් ලොකු සතුටක් විදිනවා.ඉතින් මොනව හරි ලියන්න කියන මේ දයාබර ආරාධනය ඔයාටමයි.....!