Wednesday, December 1, 2010

නිකැළැල් බව ලේ බිඳකින් මනින්නට හැකිදෝ...

  තින් එන සුළඟ දවස තිස්සෙම එහෙ මෙහෙ දුවපු ගතට පුදුම හිතෙන සුවයක් අරන් ඇවිල්ලා ටිකක් වෙලා ළඟ දඟ කරලා ඈතට යන්න ගියා.මගේ උකුළ උඩ හිස තියාගෙන මගේ අතත් තුරුළු කරගෙන මගේ පුංචි කෙල්ල ලොකු කල්පනාවක.මං හෙමින් පාත් වෙලා කෙස් රොදකින් වැහිලා තිබුන චූටි බෙල්ලට දොතොල තිවුවා.අනේ..වැඩි වෙලාවක් යන්න වුනේ නෑ මගේ අතට වැටුණ ඒ නෙතු අග්ගිස්සෙන් කඳුළු බිංඳුවක්.මගේ නෙත් වලටත් තෙත් වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ.ඒ අපේ දෙහිතම හැඟුම්බර වෙලා තිබුන නිසා වෙන්න ඇති.

Sunday, November 28, 2010

අහෝ මේ කුමන අරුතක්ද මිනිසුනේ.....?????

                                   ම කොනකට වී බලා සිටියෙමි.පුංචි පුංචි කහ පාට විදුලි බුබුළු මැද දහ අට රියන් උස බුදු සමිඳු පෙනෙන අපූරුව හිතට ගෙනාවේ කියා ගන්න බැරි තරම් නිරාමිස සතුටක්.ඒ සතුට විඳින ගමන්ම මම බලන් හිටියෙ කඩි ගුලක් වගේ දුවන මේ මිනිසුන් දිහා.බුදු සමිඳුගෙ දෙපතුල්

Thursday, November 25, 2010

එදා මෙදා තුර කදුලට විවරව...........

එදා මෙදා තුර කදුලට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ලයේ තලාගිය ‍ස්නේහයේ සුව
සිනා පිරුණු රත් දෙතොල් වසා...
මිලාන වී ගිය - රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ලයේ බැද අවසන් ගමන
සොදුරිය මට‍ නොකියාම ගියා...

Wednesday, November 24, 2010

මගේ යාළු සඳේ.....!

සඳේ නුඹ ‍හෙමි හෙමින් පායන අපූරුව....අර ඈත තුරු වඳුල උඩින් පනින්න හදන උඹ හරියට මගේ නෙතඟින් පනින්න හදන කඳුළක් වගේමයි.තව පොඩ්ඩකින් ඒ කඳුළ වැටේවි.උඹ හිතන්න එපා මං අඬනව කියලා..............

Sunday, November 21, 2010

හැඩබර නුඹ වත.....

ආදරය.......අකුරු හතරක මේ තරම්ම දුකක සැඟවිලා ති‍යෙන බව දන්නව නම් මං කවමදාවත් ඔයාට ආදරේ කරන්නෙ නෑ රත්තරං.....ඔයා හරිම ලස්සනයි.අද මට ඒ ලස්සන මහමෙරකටත් වඩා පේන්නෙ ඔය ආද‍රේ අරන් ඔයා යන්නම යන්න යන නිසාද මන්ද...දෙයක් වැඩියම ලස්සන අහිමි වෙනකොම කියලා මං අහලා තිබුණා පැටියෝ...