Sunday, November 28, 2010

අහෝ මේ කුමන අරුතක්ද මිනිසුනේ.....?????

                                   ම කොනකට වී බලා සිටියෙමි.පුංචි පුංචි කහ පාට විදුලි බුබුළු මැද දහ අට රියන් උස බුදු සමිඳු පෙනෙන අපූරුව හිතට ගෙනාවේ කියා ගන්න බැරි තරම් නිරාමිස සතුටක්.ඒ සතුට විඳින ගමන්ම මම බලන් හිටියෙ කඩි ගුලක් වගේ දුවන මේ මිනිසුන් දිහා.බුදු සමිඳුගෙ දෙපතුල් කඩිමුඩියෙ මල් වලින් සඟවන මේ මිනිස්සු මේ හනි හනිකට දුවන්නෙ කොහෙද කියලා මමත් පොඩි විපරමක් කළා.එතකොට තමයි මට තේරුනේ දේවාලය ළඟ ඇයි මේ හැටි පෝලිමක් කියලා.
                                            බුදු හාමුදුරුවො දේශනා කරන ලද කිසිම බණ පදේක මම අහලා තිබුනෙ නෑ මිනිසුන්ට වඩා දෙවියන් උසස් කියලා.ධර්මය රකින්නාට දෙවියොත් වඳිනවා කියලා තමයි මම නම් දන්නෙ.අද ගොඩක් උදවිය එහෙම නැති නිසාද දන්නෙ නෑ මේ දෙවියන් ළඟ වැඳ වැටෙන්නෙ.
                    ඇත්තමට මේක මගේ හිතේ නම් හැමදාම ඇති කළෙ උපහාසයක්.මං කියන්නෙ නෑ දෙවියන්ට පිං දෙන්න එපා කියලා.ඒත් උසස් මනසක් තියෙන මිනිස්සු දේවාල ගාව දණින් වැටෙන කොට ඒක මොන තරම් විහිළුවක්ද..මම නම් හිතන්නෙ දෙවියොත් හිනා වෙනවා ඇති....
                             එක අතකට මෙහෙමත් හිතෙනවා..අද මිනිස්සු කරන දේවල් දිහා බැලුවම දෙවියන්ට වඩා මේ මිනිස්සු ගොඩක් පහත්...ඒත් උතුම් මිනිස්සුත් ඉන්නවා..එයාල ‍හරි අඩුයි මේ සමාජයේ..
පූජ වට්ටි දෝත අරන් වැඳ වැඳ යනවා
මහ දානෙට පඬුරු දදී පිහිට යදිනවා
පිනට කියා දුන්න පඬුරු අල්ලස් වෙනවා
විය සිදුරෙන් සඳ බල බල මඩේ ලගිනවා

පෝය හතරෙ සිල් අරගෙන බවුන් වඩනවා
දෙවොල බිමේ පොල් අරගෙන හොඳට ගහනවා
කාසි පඬුරු තැඹිලි ගෙඩිය උඩින් වඩිනවා
මිනිස් භවය දෙවියන් ළඟ දෙකට නැමෙනවා

යාතිකා හඬින් මුව අග සිනා පිපෙනවා
දහම ගෙන ඔතා පඩුරක කණුවෙ බඳිනවා
මදහසින් බුදු හිමිද නෙතඟින් නුඹව දකිනවා
තනි මමද කොන් වෙලා හිමියනි බලා ඉන්නවා

                 දෙව්න්දර ගිය වෙලාවක තමා මට මේක හිතුනේ.ඒත් මේක මං දන්න අය එක්ක කිව්වම ගොඩක් අය මට හිනාවුනා..
      මට සුන්දර ආගමක් තියෙද්දි කෙදිනකවත් බිඳිය නොහැකි...දාර්ශනික පදනමක් තියෙද්දි...උතුම් ජිවිතයක් ගෙවන විදිය බුදු හාමුදුරුවො..ඒ කියන්නෙ ම‍ගේ ආගමික ශාස්තෘවරයාණන් දේශනා කරල තියෙද්දි මම මේ වැඩේ දිහා උපහාසයෙන් නැතුව වෙන කොහොම බලන්නද.....


9 comments:

  1. අඳුරු කුටිය තුල
    දොරගුළු ලාගෙන
    ගයන ගීතිකා
    යදින යාතිකා
    දෙවියන් හට නෑසේ...
    ඒ ඒ දෙවියන් හට නෑසේ...

    පාර හදන තැන
    පොළව කොටන තැන
    ගිණියම් අව්වේ මහ වරුසවේ
    දෙවියෝ වැඩ ඉන්නේ
    ඒ ඒ දෙවියන් වැඩ ඉන්නේ....


    ඔය දේවාල වලට රිංගන හැම එකාගෙම හදවතේ තියෙන සිතුවිළි බැලන්න පුළුහන්නම් ප්‍රොජෙක්ටර් එකක් වගේ දාලා...ආයේ ඉතිං දෙවියෙක් නෙවේ තිරිසනෙක් වත් ළග පාතක ඉන්නේ නෑ....
    ඇයි ඉතිං ලෝකේ නැති ඔක්කොම වල්වැඩ ජඩ වැඩ කරලානේ ඔතෙන්ට එන්නේ....
    පෝස්ට් එක නම් උපරිමයි.....

    ReplyDelete
  2. ගොඩක් ස්තුතියි හසී අයියා..එහෙම වුනා නම් මේ සසර කළකිරෙන්නෙ ඒවා දැකලම තමයි.

    ReplyDelete
  3. මොනව කියන්නද දෙවියෝ කෝප වෙයිද මන්දා ? ඒත් නොකිය බෑ නේ .

    ඕනම දෙයක් ඕනවට වැඩිය ඕනෙම නෑ ! දේව බක්තියත් එහෙම තමයි ! යම් ප්‍රමානෙකට තිබුනම ඇති

    ජයවේවා !!

    ReplyDelete
  4. දෙයියන්ට බය වෙන්න එපා බං...
    මිනිස්සුන්ගේ කම්මැලි කමට තමයි දෙයියෝ ඉන්නේ....ඇයි ඉතිං ඔක්කොම කරලා දෙනවනේ...(හිතං ඉන්නේ එහෙම....)

    පුළුහන්නම් ඔය දෙයියෙක් ඇවිත් හෙට මාව මරන්න කියපන්...අන්න මැරුවොත් මං පිළිගන්නවා දෙයියට වැඩක් පුළුහන් කියලා...

    හෙට පෝස්ට් එකක් දාලා යන්නම්කෝ බ්ලොග් එකේ...ඔන්න ඒකේ කමෙන්ට් පබ්ලිෂ් ‍කොරන්න බැරි වුනොත් සදහටම දෙයියා දිනුම්....හසියා ඩෙඩ්....

    (හසියා හොද සිහියෙන් කතා කරන බව කරුණාවෙන් දැනුම්දෙමි.)

    ReplyDelete
  5. @හිස් අහස -මේ මේ ඔයාට මොනාටද දෙවියො..ආ.ආ..ලස්සන දෙව්ලියක් නම් ඉන්නවා කියලා අපිට ආරංචියි..

    @෴ හසියා ෴ - එළ....අන්න එහෙම තමා ඉන්න ඕනි හසි අයියා..

    ReplyDelete
  6. ඇත්ත තමා මචෝ උඹ කියලා තියෙන්නේ. දෙවියෝත් මිනිස්සු කරන වැඩ වලට අනිවා හිනා වෙනවා ඇති.

    ReplyDelete
  7. මේක තෙරුම් ගන්නේ නෑති එකයි ප්‍රශ්නේ ....

    ReplyDelete
  8. හොඳ ලිපියක්!

    ReplyDelete
  9. http://nishuoc.blogspot.com/2011/09/blog-post.html

    ReplyDelete

තරු අහසට ඔයා සඳක් වගේ පායලා ආ එක කොයිතරම් දෙයක්ද?ඒත් සඳක් වගේ හොරෙන්ම බැස යන්න එපා.ඔය ලස්සන අදහස මට හරි වටිනවා.ඇත්තටම මං ඒකෙන් ලොකු සතුටක් විදිනවා.ඉතින් මොනව හරි ලියන්න කියන මේ දයාබර ආරාධනය ඔයාටමයි.....!