Wednesday, December 1, 2010

නිකැළැල් බව ලේ බිඳකින් මනින්නට හැකිදෝ...

  තින් එන සුළඟ දවස තිස්සෙම එහෙ මෙහෙ දුවපු ගතට පුදුම හිතෙන සුවයක් අරන් ඇවිල්ලා ටිකක් වෙලා ළඟ දඟ කරලා ඈතට යන්න ගියා.මගේ උකුළ උඩ හිස තියාගෙන මගේ අතත් තුරුළු කරගෙන මගේ පුංචි කෙල්ල ලොකු කල්පනාවක.මං හෙමින් පාත් වෙලා කෙස් රොදකින් වැහිලා තිබුන චූටි බෙල්ලට දොතොල තිවුවා.අනේ..වැඩි වෙලාවක් යන්න වුනේ නෑ මගේ අතට වැටුණ ඒ නෙතු අග්ගිස්සෙන් කඳුළු බිංඳුවක්.මගේ නෙත් වලටත් තෙත් වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ.ඒ අපේ දෙහිතම හැඟුම්බර වෙලා තිබුන නිසා වෙන්න ඇති.


" අනේ..ඇයි මැණික මේ....."


" නෑ..මොකුත් නෑ රත්තරං..මට මේ සතුට දරාගන්න බෑ..මගේ වස්තුව මටම ලැබුණනෙ..අනේ මට නොලැබුණා නම්...මං..මං......."


කෙල්ල තවත් හයියෙන් මගේ අත තද කරගෙන අඬනවා.


" ඔන්න..ඔන්න..මගේ මැණික මාවත් අඬවනවා.."


හෙමිහිට නැගිට්ට ඇය චූටි අත් දෙකට මගේ මූණ මැදි කරගෙන දොතොල් වලින්ම මගේ කඳුළු පිසදැම්මා.මට දැනුනෙ රෝස මල් පෙති ම‍ගේ මූ‍ණෙ ඔබ මොබ යන්වා වගේ.
‍මං ඒ නෙත් අග රැඳුන කඳුළු බිංදු ඇඟිළි තුඩට හෙමිහිට අරගත්තා.


" මේ බලන්න සුදු මැණිකෙ..මේ මම ඉන්නෙ..දැන් අපි අපේනෙ..මැණිකට මම..මට මැණික..අඬන්නෙපා රත්තරනේ..එතකොට මට දරාගන්න බෑ.."
    එතකොටත් ඒ ඇස් වලට කඳුළු උනලා ඉවරයි..හෙමිහිට මගේ කෙල්ලගෙ බ ඳ වටා අතක් යවපු මම උතුරන ආදරෙන් එයාව මගෙ තුරුලට අරගත්තා.මේ සුවඳ..මේ උණුහුම..විතර සුවයක් මට කොයින්ද මේ ලෝකෙ.දැන් ඉතින් මේ ජීවිතේ වෙනදටත් වඩා ආදරෙන් බලා ගන්න මට පුළුවන්.මං ළඟ පූස් පැටියෙක් වගේ තුරුළු වුන මේ කෙල්ල මහමෙරක් තරම් මට ආදරෙයි කියලා මම දන්නවා.
.........................................................................
ඈත කඳු ඉහත්තාවෙන් ආපු සඳ වෙනදා පායන සඳ වගේ නම් නෙවෙයි.මොකක්දෝ මනමාල කමක් ඒ සඳ එළියෙ තිබුණා.මට විතරක් නෙවෙයි පුංචි කෙල්ලටත් ඒක දැනිල.ඒ වතයි සඳයි එකට තියලා මම බැලුවා වැඩියම ලස්සන මොකක්ද කියලා.සඳ පැරදිලා ලැජ්ජාවෙන් අහක බලා ගත්තා.ඊටත් වඩා ලැජ්ජාවෙන් අහක බලා ගත්තෙ මගේ පුංචි කෙල්ල.
සුදූ මොකද මේ...
එයා හිනාව තද කරගෙන මුව අහකට ගත්තෙ මගේ කපටිකම දන්න නිසාමයි.තොල් පට තද කරගෙන හිනා වෙනකොට ගෑණු ළමයි හරි ලස්සනයි කියලා මම අහලා තිබුණට අද තමයි මම ඒක හරියටම විඳගත්තෙ.
අපේ දෑස් අපටත් හොරා ලොකු කථාවක්.ඒ වුනාට දෙතොල් පෙත් ඊටත් එහා ගිහින්.එකට පටලැවෙන්න පුංචි ආදර රණ්ඩුවක්.අන්තිමේදි මම දින්නා.හෙමිහිට දෙතොල් අතර ආදරේ ගලායන කොට සඳත් වලා පෙලක හැංගුනා.ලැජිජ හිතුනද මන්දා..මගේ සඳටත් එහෙමමයි කියලා මම දන්නවා.ගහකට වැලක් වගේ මගේ ඇගේ වෙලෙන්නෙ ඒකනෙ.මගේ ජීවිතේ මේ තරම් සුවඳත් මේ ලස්සන සමන් වැල මගේ ජීවන ගසේ එතුන නිසානෙ.
............................................................................
ඉගිලෙන්න හදන පුංවි හංස පැටවු මට සමච්චල් කරා.මං හෙමිහිට උන් අතර දෙතොල අතරමං කරා.මේ ලෝකෙ ගොඩක්ම සුවය සදන තව තැනක් මේ.මේ හැම තැනම තියෙන්නෙ මගෙ මැණික ගාව.ඒ තිසර පැටවු අතරින් ඇසෙන ලයාන්විත හඬට මම ගොඩක් ආසයි.මේ හදවත ගැහෙන්නෙ ‍අනේ...මං වෙනුවෙන් කියලා හිතෙන කොට මට දරගන්න බැරි තරම් ආදරේ වැඩි වෙනවා.ඒ සියුමැලි අතැඟිලි රටාවකට මගේ කෙහෙ රැලි අතර පියමනින කොට අපිටත් හොරා අපි අනත්තයට යන්න ගියා...හරි සොඳුරු නිමේෂයක අපි අපේම ‍වුනා.මධු සඳ හොරෙන් බලාන ඉඳලා ඒ ගැන කවියක් මඳ සුළඟ දිගෙ එව්වා.ඒක අහලා ලැජ්ජාවට කෙල්ල මගේ පපුතුරේ මුණ හංග ගත්තා.
මියුරු හඬ මුවෙ රැදෙද්දි...අනන්තය ළඟ පිපෙන රතු...රෝස මල් පෙති..සුදුපාට සිරි යහන හතරමායිමකමවත් විසිරිලා තිබුනෙ නෑ.


ඒ උනත් ඒ සුන්දර මොහෙතෙ කිසිඳු අඬුවක් මට දැනුනෙ නෑ.ආදරේ ඕනවටත් වඩා සුවඳට දැනුනා.ඒත් මගේ මැණික යහනේ එහෙ මෙහෙ දෑස් යවන කොට මං කරේ හෙමිහිට ඒ නළලෙ පුංචි හාදුවක් තියපු එක විතරයි.මම දන්නව මගේ කෙල්ල මට ආදරෙයි කියලා පණ වගේ.අතීතය කොහොම වුනත් වර්තමානය කොච්චර සුන්දරද..මේ අහිංසක හිත රිදවන්න..මේ ලස්සන ලෝකෙ මොහෙතකින් විනාස කරන්න..ගමටම ඇහෙන්න කෑ ගහන්න..ඒ ආදරේ දොනෝ දාහක් අ‍තරේ වෙන්දේසි කරන්න මට ඕනි නෑ..එහෙනම් අවුරුදු ගානක් ඒ හිතට මම කරේ ආදරේ නෙවෙයි.අමන මිනිස්සු කෙල්ලෙක්ගෙ වටිනාකම ලේ බිදකට සමාන කරන කොට මටත් තව එක අමනයෙක් වෙන්න ඕනි නෑ.මම ඇත්තටම මේ හිතට ආදරේ නම් ඒක ඔප්පු කරන්න මේ හොඳම වෙලාව කියලයි මට හිතුනෙ.
අනික ‍ගෑණු ළමයෙකුගෙ නිකළැල් බව එහෙම මනින්න පුළුවන් වුනේ කොහොමද?‍එතකොට ස්වාභාවිකවම එහෙම පිහිටලි තිබුනෙ නැත්නම්...නැත්නම් අනතුරකින්....එතකොට ඒ අහිංසකීට අනාගතයක් නැත්ද..මම මෝඩ මිනිසුන්ට හිතෙන් හිනා වෙමින් මගේ රන්කඳ තවත් හයියෙන් තුරුළු කරගත්තා.මුවැත්තියක් වගේ මට ගුලිවෙලා අඬන මේ කෙල්ල ගැන ‍මට ඇතිවුනේ අනුකම්පාවෙන් තොර ආදරයක්..............
ළැම නෙවෙයි කෙල්ලේ මට ඕනි ළය විතරමයි.....
.......................................................................................


මොන දේ කිව්වත් ඒ හිත හදන්න මට ලේසි වුනේ නෑ.මංගල රැය පුරාම මට මගේ අහිංසකීගෙ ඔළුව අතගගා ඒ හිතට හයියක් වෙන්න පුළුන් වුනා.අම්මලා දුන්න සුදු රෙදි කෑල්ල උඩට මගේ කැපුන ඇඟිල්ලෙන් ලේ බිංඳු දිහා බලාන එයා තව හයියෙන් ඇඬුවා.
".....මට මගේ මැණික විශ්වාසයි.අඬන්නෙපා පැටියො......."
ඒ හිතේ මම දෙවියෙක් වුනා.ඉතින් මේ ආදරේ දෝරෙ ගලන ජීවිතේ මට මොව අඩුවක්ද.....?

24 comments:

  1. පෝස්ට් එකනම් අතිවිශිෂ්ඨයි....කියන්න දෙයක් නෑ සහෝ...නෙතඟ කදුලක් තියේ...දුකටද සතුටටද කියන්න දන්නේ නෑ...
    ඒත් උඹේ අදහසට මාත් එක පයින්ම එකඟයි....

    ReplyDelete
  2. නියමයි මචං නියමයි එලටම ලියලා තියනවා උඹේ ලිවීමේ හැකියාව උපරිමයි ..සමහරුන්ට මේ පෝස්ට් එකෙන් ටිකක් රිදෙයි. මොනවා උනත් මේ ලියලා තියෙන්නේ සහතික ඇත්ත ..ආදරේ තරම් එහා ගිය තවත් දෙයක් තියනවද ? ආදරේ ඇති තැන සතුට සතුට ඇති තැන හැම දේම ..ඉතින් තව මොනාද ඕන ..?

    ජයවේවා !!

    ReplyDelete
  3. සහතික ඇත්ත. ඔය කෙල්ලන්ගේ සුද්වන්ත කම හොයන පිරිමි කී දෙනෙක් අන්ත ජරා විදිහට අසුද්ද වුණ එවුන්ද..?

    ReplyDelete
  4. හ්ම්ම් ... කෙල්ලෙකුගෙ පිරිසිදු කම ගැන සාධාරණ අයිතියක් කිසිම පිරිමියෙකුට නෑ
    "සමහරුන්ට මේ පෝස්ට් එකෙන් ටිකක් රිදෙයි". නෑ ගොඩක් රිදෙන අයත් ඉන්නවා
    කොහොම හරි මට හුගක් සතුටුයි ..මේ ලෝකෙ පටු විදියට හිතන් නැති ආදරේ ගැන විශ්වාස කරන කීප දෙනෙක් හරි ඉන්න එක

    ReplyDelete
  5. මහත්ත‍යෝ උඹ නියමෙට ලියලා තියෙනවා.

    මේ කේස් එකට ගිය අවුරුද්දේ මගේ හොඳම යාළුවෙක් මුහුන දුන්නා. මිනිහාත් අන්තිමට කලේ උඹේ කතාවේ අන්තිමට කරපු වැඩේම තමා. ඒත් ඒ කැ‍දැල්ලේ ආදරේ අඩුවක් නෑ අදටත්. දැන් චූටි පැටියෙක් හම්බුවෙන්නත් ඉන්නවා.

    නියම පෝස්ට් එකක් මචං. සුපිරි... අනිත් මිනිස්සු හිතනවට වැඩිය ගොඩක් එහාට හිතලා උඹ ලියලා තියෙනවා. නියමයි සහෝ.

    ReplyDelete
  6. සිහි නෑ සහෝ....ඔයාගේ කතාව නම්....

    මේ වගේ තත්වෙකට මුහුණ දෙන්න තරම් හිත ශක්තිමත් කර ගත්ත ගැණු ළමයටත් වඩා, තමන්ගේම අතේ කැපුමකින් තමන්ගේ ආදරේ පිවිතුරු බව මුළු ලෝකෙටම කියන ගමන්
    ".....මට මගේ මැණික විශ්වාසයි.අඬන්නෙපා පැටියො......." කියල තමන්ගේ ආදරේ සනසන්න තරම් උතුම් හිත් තියෙන කොල්ලොත් මේ නපුරු සමාජයේම ඉන්නවා කියන එක ලෝකෙටම රහසක් නෙමෙයි.එත් මේ සමාජය ඔවුන්ව හංවඩු ගහන්නේ කොන්ද පණ නැති නපුංසක පිරිමි කියලයි.....
    එත් අහිංසක කෙල්ලෙක්ට ජීවිතයක් දෙන්න තරම් කොන්දක් තිබ්බේ ඒ කොල්ලන්ට බව ඒ කියන අයට අමතක වෙලා.....

    ReplyDelete
  7. මට සතුටුයි උතුම් හදවතක් තියෙන මගේ යාළුවො ගැන.

    @ ෴ හසියා ෴

    මම දන්නවා හසියට තියෙන්නෙ ලස්සන හදවතක් කියලා..සංවේදී හිතකට විතරයි ලොකෙ ලස්සන දකින්න පුළුවනි.අපේ හසියට ඒක පුළුවන් බව මම දන්නවා.

    @ හිස් අහස...

    ගොඩක් ස්තුතියි පුංචි සර්...රිදුනත් මොනා කරන්නද සහෝ..ආදරේ තියෙන තැන සතුට..ඒක මමත් පිළිගන්නවා.

    @ Jeew...

    ඒක ඇත්ත අයියේ..ඒත් ඒක දැන් සාමාන්‍ය දෙයක් වෙලා නේද?

    @ Confiuzd ප්‍රෝග්‍රැමර්...

    ස්තුතියි යාළුවා මේ පැත්තෙ ආවට..එහෙම කෙනෙක් වුන ඔයා ගැනත් මට සතුටුයි.

    @ prasanna86k...

    අපේ පුංචි ගෝල්ඩ් ෆිෂ්...ඉතින් ඒකනේ..ඔයාගෙ යාළු‍වා කොයිතරම් උතුම් මනුස්සයෙක්ද..ඒ මනුස්සකම ගැන මටත් ආඩම්බරයි..

    @ mhasantha...

    ඒක එහෙම තමා යාළුවා..මේ සමාජයේ ගොඩක් අය ලෝකෙට හොඳ වුනාට ඇත්තටම එහෙම නෑ..ඇත්තටම කොන්ද තියෙන්නෙ ඒ අහිංසක කොල්ලට කියලා දැන ගන්න මේ මිනිස්සුන්ට තව කල්පයක් විතර යයි මට හිතෙන්නෙ..

    ReplyDelete
  8. අම්මප ලොක්කා මම නසරාණියා තමයි. ඒත් කවද හරි මටත් ඕක උනොත් මමත් කරන්න හිතාගෙන හිටියෙ ඕකම තමයි. මෙහෙම මිනිස්සු ඉන්න ලෝකෙක ජීවත්වෙන එක බුදු ආතල් වැඩක්. ඒ කෙල්ල එදායින් පස්සෙ ජීවිතේටත් වඩා ආදරේ කරනවා.

    කතාව පට්ට..

    නසරාණියගෙ ඇහේ කඳුලු..

    ඒත් හිතේ සතුට වාන් දානවා..

    "වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද.. දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.."

    ReplyDelete
  9. නෝ කමෙන්ට්ස්........

    අපරාදේ ඔයා නොලිය හිටිය නම්....

    ReplyDelete
  10. මට පුංචි සෑර් කියන්ඩ එපා මචෝ චාටර්නේ !!

    ජයවේවා !!

    ReplyDelete
  11. මචං මම කවද හරි ලියන්න හිතාගෙන හිටපු දෙයක් උඹ ලියල තියෙන්නෙ. ඒත් මම මේක ගැන ලියන්නෙ නැත්තෙ උඹ මට ලියන්න දෙයක් ඉතුරු කරල නැති නිසා. අති විෂිශ්ටයි.

    ReplyDelete
  12. දුක කියන්නේ ඔය දේ මනින්න මුලික වෙලා කටයුතු කරන්නේ තවත් ගැහිණියක්ම වීම.
    මෙච්චර දියුණුයයි කියන සමාජයේ ඔය වගේ දේවල් තාම තියෙනවානේ.

    ඕක සංකෘතික අංගයක්ද ?

    ReplyDelete
  13. නියමයි සහෝ. පිවිතුරු බව හොයන්නේ තව කිහිප දෙනෙකුගේ පිවිතුරුකම් නැති කරලා නම් ඒක මහා අපරාදයක්. කොහොම උනත් ලස්සනට ලියලා තියෙනවා.

    පිවිතුරු කමට වඩා ඒ ගෑනු ලමයගේ ආදරේ වටින්නේ නැද්ද ? අනික කොහොමද ලේ පැල්ලමකින් පිවිතුරු බව මනින්නේ ?

    ReplyDelete
  14. පළවෙනිවතාවට මේ පැත්තට ගොඩ බැස්සේ මම හිතන්නේ මම
    මුලින්ම බාගයක් කියවලා කතාව දිග වැඩී කියලා අතරමැද නතරකරා
    ඒත් බ්ලොග් එකෙන් ගියේ නැ
    ආයෙමත් කියවන්න හිතුනා
    සත්තකයී අහිංසකී ගේ ඇස් වලටටහ් කදුලක් ආවා
    ජිවිතේ මේ වගේ හිතන පතන මිනිස්සු තවත් අපි අතර ඉන්නවද කියලා හිතේනවා
    සත්තකින්ම ආදරේ හිතන සටහනක්
    ඒ අහිංසක කෙල්ල කොයිතරම් වාසනාවන්තද?

    ReplyDelete
  15. හරිම අපූරුයි යාළු

    ReplyDelete
  16. @ නසරාණියා ....

    "වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද.. දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත..".ඇත්ත යාළු..ඒත් ඉතා සීමිතයි..

    @ wath...

    "නෝ කමෙන්ට්ස්......."..ම්..ඔන්න එහෙනම් මාත් "නෝ කමෙන්ට්ස්........"

    @ හිස් අහස...

    සමාවෙන්න සඳරු..ආයෙ කවදාවත්ම නෑ..

    @ Ranga...

    එහෙම හිතන්න එපා යාළුවා..ඔයාට මීට වඩා හොඳට ලියන්න පුළුවන් වෙයි..

    @ විත්ති...

    ඒක නම් එහෙම තමා..සංස්කෘතිකමය බලපෑමක් මෙහි තියෙනවා..ඒත් එය චින්තනයට බාධාවක් කර නොගත යුතුයි යන්න මගේ අදහසයි.

    @ මධුරංග..

    මාත් හිතුවෙ ඒකමයි සහෝ..ඒ වගේම ඔයාට ස්තුතියි.

    @ අහිංසකි...

    ගෙඩක් ස්තුතියි අක්කා/නංගා මේ පැත්තෙ ආවට ඔයාට.ඒ වගේ අය ඉන්නවා.මේ මගේ යාළුවො ටිකම හොඳ සාක්ෂියක් නේද?

    @ ayesha...

    ස්තුතියි ගොඩක් යාළුවා ඔයාට....!

    ReplyDelete
  17. ඇත්තටම ලස්සනයි ඒත් මෙහෙම දේවල් මන් කියවලා තියෙන්නෙ නවකතා වල විතරයි...මේ වගේ උතුම් හිත් තියෙන පිරිමි ඇත්තටම ඉන්නවා කියලා අහන්න ලැබෙන එකත් වාසනාවක්....

    ReplyDelete
  18. ඉන්නවා කාව්‍යයා..ඒත් හරි අඩු වෙන්න පුළුවන්.හැමෝම එක වගේ නෙමෙයි නේද..?

    ReplyDelete
  19. කීමට දෙයක් නැහැ.................. හිතා ගන්නත් බැහැ....... ඒක නිසා මෙහෙම යන්නම්

    ReplyDelete
  20. harima lassanai...me wage uthum pirimi thamai innawa kiyala ahannath sathutui...

    ReplyDelete
  21. godaaaaaaaaaaaaaaak lassanai yaluweee....

    ReplyDelete
  22. කියන්න වචන නෑ මගේ ඇස් දෙකටත් කදුලක් අවා කොහෙන්ද මන්දා මටම හිතා ගන්න බෑ
    මේ වගේ post දන්න තව ලස්සනයි @-}--@-}--@-}--@-}--@-}--:-)

    ReplyDelete

තරු අහසට ඔයා සඳක් වගේ පායලා ආ එක කොයිතරම් දෙයක්ද?ඒත් සඳක් වගේ හොරෙන්ම බැස යන්න එපා.ඔය ලස්සන අදහස මට හරි වටිනවා.ඇත්තටම මං ඒකෙන් ලොකු සතුටක් විදිනවා.ඉතින් මොනව හරි ලියන්න කියන මේ දයාබර ආරාධනය ඔයාටමයි.....!