නුඹේ රුව මතු වන තුරා.......
අතට ටොපියක් රැගෙන එනකල්
හීන පිපුණට සිත් මලේ.......
කල්පයක් තව බලා උන්නට
ඔබ නොඑන මාවත දිගේ.....
යන්න ආපසු මතක නෑ මට
නොවුන දුප්පත් ජීවිතේ....
ගියත් හැරදා අපිව තනිකර
වැටෙන්නෑ මම කිසි දිනේ....
අඳුරු අහසට පුන් සඳක් වී
එළිය දෙනවා තුන් ලොවේ....
හතර රියනක නිදන නුඹටත්
දැනේවා ඒ රැස් ඉතින්.......
ඔබේ ඉඳුවර නුවන් අද්දර
සිසිල දැනුනා ජීවිතේ...
පහන් තරුවෙන් නැකැත් අහගෙන
හින පිපුණා තුන් ලොවේ.....
නුඹේ බත් ගුලි අනා රස කර
එදා රැදුනා මගෙ මුවේ....
නුඹේ පපුතුර හිස හොවාගෙන
සිනා පිපුනා මුව මගේ....
ඒත් පියතුම නුඹ නිදයි අද
පහස කැප නෑ මට නුඹේ...
අදත් හැඩටම මල් පිපී ඇත
සොහොන ළග වතු සුදු ගහේ....
සතුට දුක සම සමව ලැබෙනා
තනි මගේ මේ ජීවිතේ....
මල් සුවඳ හා මුසුව දනුනා
නුඹේ ආදරබර සෙනේ......
තාත්තිලා හරි නිහඩයි..එයාලගේ හදවත ගොළුයි නේද..ඒත් ඒ හදවත තුළ කොච්චර නම් ආදරයක් කකියනවද අපි ගැන...පියෙකුගෙ සෙනෙහස නොලැබුනත් ....සුන්දර පිය පදවියට...මං හරිම ආදරෙයි...පියා නැති කලක...දුක දැනේවිද...මං නම් දන්නෙ නෑ...මගේ මනෝ ලොකයේදි මං දැකපු දුක..හිතින් විදපු දුක...කරේ මේ මම කවිකමක්...ඒත් තාත්තගෙ ආදරේ කොච්චර නම් සොඳුරුද...ඒ සොඳුරු බවට මං හරිම ආදරෙයි...!!!!
හරිම ලස්සනයි මචං. මට වෙන කියන්න දේවල් ඕනේ තරම්, ඒත් මේ තරම් හොඳට කියන්න බෑ. නියමයි, උපරිමයි.
ReplyDeleteතාත්තා කෙනෙක්ගේ සෙනෙහස පරද්දන්න අම්මා කෙනෙකුට පුළුවන් කියලා හිතන්නේ නෑ. තාත්තල සැරයි තමා, ඒ තමන්ගේ දරුවට තියෙන ආදරේ නිසා.
නුඹට වාගෙම මටත් අහිමි
ReplyDeleteපිය සෙනෙහෙ නම් මේ බවේ
ඇසේ කඳුළැළි අළුත් වූවා
කියවලා නුඹෙ දුක පොතේ...
මොනා කියන්නද මචෝ .. මගේ තාත්ත නම් මගේම කරුමේට මට නැති උනානෙව !
ReplyDeleteඔය ගැන මට වචන එන්නේ නෑ බං ..මම වගේ පවුකාරයෙක් නෙවෙයි උඹ ..උඹේ තාත්තා හැම බවයකම උඹේම වෙන්න්න ඕන ..
ජයවේවා !!
මට ගොඩක් දුකයි....තාත්තා දුක් වින්දා ඇති....මම කවදක හරි ඔයාව සතුටින් තියනව මගෙ රත්තරන් තාත්තේ....සත්තකින්ම
ReplyDeleteදුක් සීන් එකක් වුනත් ලස්සනය ලියලා තියේනවා අපිටත් ුක දැනේන විදියට...!!
ReplyDeleteකතාව නම් ඇත්ත සහෝ !!!! අප්පච්චි කෙනෙකුගේ අගය අපට මෙතකැයි කියලා නිම කරන්න බෑ. අම්මලා වගේ නෙමෙයි අප්පච්චිලාගේ ආදරය ගුප්තයි. එයාලා අපටත් නොදැනී අපට ආදරය කරන්නේ. අපිට ඉතින් පිටට පේන්නේ අප්පච්චි හරිම වසයි කියලා. නමුත් එයාලගේ හිතේ එහෙම වස පාටක් නෑ
ReplyDeleteබොහොම පිං !!!! සහෝදරයා අප්පච්චිලාගෙ වටිනාකම මතු කරලා ගත්ත එකට !!!!
ඇත්ත යාළු. තාත්තෙක්ගේ තියෙන්නේ නිහඬ පුදුම ආදරයක්නේ..
ReplyDeleteනියම පදපෙල..නමුත මටනම් ...දාරගන්න අමරුයි..
ReplyDeleteඔයා මේක ලස්සනට ලියල තියෙනවා තරූ
ReplyDeleteගොඩක් දුක හිතෙනවා............
යාළුවෝ ඔක්කොටම ස්තුතියි...වෙන වෙනම කමෙන්ට් කරන්න මට බෑ.ඔයාලා තමයි මෙහෙම ලියන්න මට ශක්තික් වෙන්නෙ හැමදාම..ඒකට ගොඩක්ම ස්තුතියි..
ReplyDeleteමටත් අප්පච්චි මතක් උනා.ඔයා ලස්සනට ලියල.
ReplyDeleteබොහොම අගෙයි සහොදරයා.....හේතුව මෙකයි කියන්න බැ මට හරියටම, කියවගෙන පහලට එද්දි බොහොම තදින් මට මෙක ෆිල් උනා .... එකයි නිර්මාණයෙ වටිනාකම. දුක් නොවන්න මිතුර, තව තවත් මෙ සමාජයට යහපතක් වන කටයුතු කරන්න..., එයයි ඔබට කල හැකි උතුම්ම උපහාරය එ අසීමිත පිය සෙනෙහසට...
ReplyDeleteතාත්තෙක්ගේ ආදරය එ විදිහටම කවි කරලා තියනවා සහෝ..ඇත්තටම ලස්සනයි.
ReplyDeleteජිවිතෙදි ගොඩක් අපි ආදරේ කරන අයව අපෙන් ඇත් කරනවා...
ReplyDeleteඑක ලොක සොබාවය.. එවට මුන දේන්න පුරුදු වෙන්න වෙනවා අපිට...අසීමිත සෙනෙහසක් පිය සෙනෙහස...
මෙ පොස්ට් 1ක කියවපුවාම මටත මගෙ තාත්තාව මතක් වුණා..
ගොඩාක් ලස්සන දුක හිතෙන පොස්ට් 1ක්... :-)
මොකද යාළු දැන් ලියන්නැත්හේ. තරු අහස හිස් වෙවී. ඉක්මනට අලුත් post එකක් දාන්න
ReplyDelete