Friday, June 3, 2011

එදා වගේ අදත්...

හැමදාම උදේට පුංචි පුංචි කුරුල්ලෝ ලස්සනට සිංදු කියනවා...පුංචි පිච්ච මල් ලස්සනට පිපෙනවා..සේපාලිකා ගහ යට රටා තියන පුංචි සේපාලිකා මල් වලට තේරෙන්නෙ නෑ මම දුකින් කියලා...මම හිනාවෙනවා..සත්තකින්ම හිනා වෙනවා...පුංචි පුංචි හීන අහුරු පිටින් මටත් තියෙනවා පුංචි සමනළයෝ...ඔයා අර ඈතට පියාඹන හැටි දකින කොට මටත් මතක් වෙනවා මගේ පුංචි කාලේ..අම්මිගෙ අතේ එල්ලිලා දුර ඈත ලෝකෙක මාත් පුංචි සමනළයෙක් වෙලා ඉස්කෝලෙ ගියා...දන්නවා පුංචි යාළුවේ...හැමදාම මගේ ජීවිතේ හිටියේ අම්මි විතරයි...ඒ ආදරේ මගේ ලෝකෙ කොච්චර ලස්සන කරාද...

මගේ පුංචි යාළුවො සෙල්ලම් බඩු ඉල්ලන කොට දන්නවද පුංචි සමනළයෝ...මම අම්මිට කිව්වෙ නෑ මටත් ඕනි කියලා...මගේ පුංචි හිතට තේරුනාද මන්දා අම්මිගෙ ළග තියෙන්නෙ මට දෙන්න ආදරේ විතරයි කියලා..මගේ ලෝකෙට සරුව පිත්තල කොල අලවන්න නෙවෙයි එයා දුක් වින්දේ...එයාට ඕනි වුනේ හැමදාම මගේ ලස්සන අනාගතේ දකින්න...චූටි සමනළයෝ මේ අහන්න...මට දුකයි..සත්තකින්ම දුකයි...මම දවසකට කොච්චර හිනාවෙනද...යාළුවෝ හිනස්සනවද....ඒත් මගේ හිතේ තියෙන දුක මම කාට කියන්නද...කවුරුත් නෑ...මගේ පුංචි හිතට දැන් දුක දැනෙන්නෙත් නෑ වගේ...මට හරි සතුටුයි...මට පුළුවන්නේ හිනා වෙන්න....

මේ බලන්න..මේ පුංචි සේපාලිකා මල්...පුංචි පුංචි පිච්ච මල්...ඒවා හරිම සුවඳයි...හරිම අහිංසක සුවඳක් ඒ මල් වල තියෙනවා..මං වගේම ඔයත් දන්නවා නේද රන් සමනළයෝ...මට ඕනි නෑ ලොකුම ලොකු නෙළුම් මලක් වෙන්න...මටත් ඕනි මේ වගේ ලස්සන පුංචි පිච්ච මලක් වෙන්න.....ඔයා වගේ පුංචි සමනළයෙක් වෙන්න...දුර ඈත පුංචි පිච්ච මලක් මං එනකල් බලන් ඇති...මං ඒ පිච්ච මලට කොච්චර ආදරෙයිද...ඔයාට ඇහෙනවද මගේ පුංචි පිච්ච මලේ...දැනෙනවද ඔය පුංචි හිතට ....දකින්න බැරි මගේ ආදරේ......


Tuesday, December 14, 2010

පියාණනි නුඹ නැතිවුන දාකට.....!

දෙනෝ දාහක් යනෙන මග තොට
නුඹේ රුව මතු  වන තුරා.......
අතට ටොපියක් රැගෙන එනකල්
හීන පිපුණට සිත් මලේ.......
කල්පයක් තව බලා උන්නට
ඔබ නොඑන මාවත දිගේ.....
යන්න ආපසු මතක නෑ මට
කඳුළු පිපුණා ඇස් කොනේ...

Monday, December 6, 2010

නු‍ඹෙ සෙනෙහස සුවඳ දදී දැනුනා මට අම්මේ .....

තකයි එක දවසක්දා මහ හයියෙන් අකුණු ගහ ගහ වහින වෙලාවක තාත්ත අපි දාලා යන්න ගියා.එදා වැස්සටද මන්දා ඔය කඳුළු මට පෙනුනෙ නෑ අම්මේ.පුංචි කාලෙ ඉඳලාම ඔයා උකුළට වෙලා උණුසුමට හිටියා මිසක් මට කොයින්ද අම්මේ ලෝකෙ ගැන කප්පරකට තේරුමක්.ඒත් අද එහෙම නෙමෙයි.හැම දෙයක්ම වෙනස් වෙලා.අම්මිට මතකද දන්නෙ නෑ..මම පොඩිකාලේ තනේ අරවා ගන්න ඔයා කොච්චර ඔයා මහන්සි ගත්තද කියලා.මම අවුරුදු හත අටක්ම නිදාගත්තෙ ඔය පපුවට තරුළු වෙලා.මට එහෙම නොවුන නම් නින්ද ගියේ නෑ කියලා ඔයත් දැනන් හිටියා.ඔයා කලේ මාව ආදරෙන් තුරුළු කරගන්න එක..මගේ ඔළුව ම‍ට නින්ද එනකල්ම අතගාන එක..අන්තිමට මට නින්ද යා ගෙන එන කොට මගේ නළලට හාදුවක් දීලා දෙපැත්තට කොට්ටට දෙකක් තියන කොම මට දන්නෙ නැතිවම නින්ද ගිහින්.එතකොම මම දකින ලස්සන පුංචි හීන වල ඔයා හරි ලස්සනට මගේ "රන් කැටියා" කියලා හිනාවුනා.එදා වගේම......හැමදාම මං දකින්න ආස ඔය හිනාව අදත් ඉස්සර වගේමයි....
                          
අප්පච්ච් යන දවසේ ඇහුනා ඉකිබිඳුම
ඒ ද‍වසෙම හතර වටින් වැටුණා මහ වැස්ස
ඇකයෙ තියා මගෙ නළලත සිම්බේ නුඹ කිමද
වැටෙන කඳුළු දැනුනා මට හීතල වී කොපුල
.....පින්න කියා හිතුවා මම අම්මේ පොඩි හින්ද.....

බැද්ද කොටා කකියනවද අම්මේ නුඹෙ දෙපය
කඳුළු වලින් පිරිමදින්නෙ දැනෙන දුකද නුඹට
කථා කරන දෙනෙත් වලින් සනසනවද මාව
.....සිනා තියා වැහැරුනාද අම්මෙ නුඹෙ සිරුර.....

හිරු දෙවියනි වැහි දෙවියනි ගන්න එපා තරහ
සුළඟ ගිහින් අඩු කරන්න මගෙ අම්මගෙ වෙහෙස
කීයක් හරි හොයාගන්න අපි දෙන්නට කන්න
.....අම්මා මගේ යන්න ගියා අදත් ඉතින් වෙලට.....

යනෙන මගදි දකිනා විට අතහැර ගිය අප්පා
නෙතේ කඳුළු බොඳ වෙනවා සිහිවෙනකොට අම්මා
මතු භවයෙදි සෙනෙහෙ සිතක් හිමි වෙනවා සත්තයි
.....ආදරබර උකුල් තලේ නිදියන පුතු මමමයි.....

                            එත් අම්මෙ එක වෙනසක් තියෙනවා දැන්..ඉස්සර වගේ දැන් මට ඔයා බත් කවන්නෙ නෑ..මට කථා කියලා දෙන්නෙ නෑ..නින්ද යනකල් ඔළුව අතගාන්නෙ නෑ...ඔයා මට කියලා දෙන්න ඕනි වුන ඔක්කොම කථා කියලා ඉවරද මගේ අම්මේ...කමක් නෑ අම්මෙ මං තරහා නෑ..අදත් ඔයා උයලා තියලා පුතේ කාපන් කියන කොට ඔයාගෙ ආදරේ මට දැනෙනවා...මම ඔයාට වඳින කොට මගේ ඔළුව අතගාන කොට මට ඒක දැනෙනවා..එදා වගේ වඩාගෙන මාව රවුමක් කරකවන්න ඔයාට තාම ආසයි කියලා මම දන්නවා අම්මෙ..ඒත් කාලය කරපු වෙනස කොච්චරද අම්මෙ...එදා මෙදා තුර වෙනස් නොවුන එකම දේ මගේ සුදු අම්මියගෙ ආදරේ විතරයි නේද මට...තරහ ගියාම චුට්ටක් හයියෙන් කථා කරාම අම්මා හිතනව ඇති මම වෙනස් වෙලා කියලා..අනේ මම කොහොම වෙනස් වෙන්නද...මගේ ලෝක ඔයානෙ..ඇත්තටම ඔයා නැති වුනාම මම තනියම කියලා ඔයාටත් දුකයි නේද....
                   කවදාවත්ම සැපක් නොවිඳපු ඔයා අදත් විඳින්නෙ දුකම නේද...


Wednesday, December 1, 2010

නිකැළැල් බව ලේ බිඳකින් මනින්නට හැකිදෝ...

  තින් එන සුළඟ දවස තිස්සෙම එහෙ මෙහෙ දුවපු ගතට පුදුම හිතෙන සුවයක් අරන් ඇවිල්ලා ටිකක් වෙලා ළඟ දඟ කරලා ඈතට යන්න ගියා.මගේ උකුළ උඩ හිස තියාගෙන මගේ අතත් තුරුළු කරගෙන මගේ පුංචි කෙල්ල ලොකු කල්පනාවක.මං හෙමින් පාත් වෙලා කෙස් රොදකින් වැහිලා තිබුන චූටි බෙල්ලට දොතොල තිවුවා.අනේ..වැඩි වෙලාවක් යන්න වුනේ නෑ මගේ අතට වැටුණ ඒ නෙතු අග්ගිස්සෙන් කඳුළු බිංඳුවක්.මගේ නෙත් වලටත් තෙත් වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ.ඒ අපේ දෙහිතම හැඟුම්බර වෙලා තිබුන නිසා වෙන්න ඇති.

Sunday, November 28, 2010

අහෝ මේ කුමන අරුතක්ද මිනිසුනේ.....?????

                                   ම කොනකට වී බලා සිටියෙමි.පුංචි පුංචි කහ පාට විදුලි බුබුළු මැද දහ අට රියන් උස බුදු සමිඳු පෙනෙන අපූරුව හිතට ගෙනාවේ කියා ගන්න බැරි තරම් නිරාමිස සතුටක්.ඒ සතුට විඳින ගමන්ම මම බලන් හිටියෙ කඩි ගුලක් වගේ දුවන මේ මිනිසුන් දිහා.බුදු සමිඳුගෙ දෙපතුල්