Monday, December 6, 2010

නු‍ඹෙ සෙනෙහස සුවඳ දදී දැනුනා මට අම්මේ .....

තකයි එක දවසක්දා මහ හයියෙන් අකුණු ගහ ගහ වහින වෙලාවක තාත්ත අපි දාලා යන්න ගියා.එදා වැස්සටද මන්දා ඔය කඳුළු මට පෙනුනෙ නෑ අම්මේ.පුංචි කාලෙ ඉඳලාම ඔයා උකුළට වෙලා උණුසුමට හිටියා මිසක් මට කොයින්ද අම්මේ ලෝකෙ ගැන කප්පරකට තේරුමක්.ඒත් අද එහෙම නෙමෙයි.හැම දෙයක්ම වෙනස් වෙලා.අම්මිට මතකද දන්නෙ නෑ..මම පොඩිකාලේ තනේ අරවා ගන්න ඔයා කොච්චර ඔයා මහන්සි ගත්තද කියලා.මම අවුරුදු හත අටක්ම නිදාගත්තෙ ඔය පපුවට තරුළු වෙලා.මට එහෙම නොවුන නම් නින්ද ගියේ නෑ කියලා ඔයත් දැනන් හිටියා.ඔයා කලේ මාව ආදරෙන් තුරුළු කරගන්න එක..මගේ ඔළුව ම‍ට නින්ද එනකල්ම අතගාන එක..අන්තිමට මට නින්ද යා ගෙන එන කොට මගේ නළලට හාදුවක් දීලා දෙපැත්තට කොට්ටට දෙකක් තියන කොම මට දන්නෙ නැතිවම නින්ද ගිහින්.එතකොම මම දකින ලස්සන පුංචි හීන වල ඔයා හරි ලස්සනට මගේ "රන් කැටියා" කියලා හිනාවුනා.එදා වගේම......හැමදාම මං දකින්න ආස ඔය හිනාව අදත් ඉස්සර වගේමයි....
                          
අප්පච්ච් යන දවසේ ඇහුනා ඉකිබිඳුම
ඒ ද‍වසෙම හතර වටින් වැටුණා මහ වැස්ස
ඇකයෙ තියා මගෙ නළලත සිම්බේ නුඹ කිමද
වැටෙන කඳුළු දැනුනා මට හීතල වී කොපුල
.....පින්න කියා හිතුවා මම අම්මේ පොඩි හින්ද.....

බැද්ද කොටා කකියනවද අම්මේ නුඹෙ දෙපය
කඳුළු වලින් පිරිමදින්නෙ දැනෙන දුකද නුඹට
කථා කරන දෙනෙත් වලින් සනසනවද මාව
.....සිනා තියා වැහැරුනාද අම්මෙ නුඹෙ සිරුර.....

හිරු දෙවියනි වැහි දෙවියනි ගන්න එපා තරහ
සුළඟ ගිහින් අඩු කරන්න මගෙ අම්මගෙ වෙහෙස
කීයක් හරි හොයාගන්න අපි දෙන්නට කන්න
.....අම්මා මගේ යන්න ගියා අදත් ඉතින් වෙලට.....

යනෙන මගදි දකිනා විට අතහැර ගිය අප්පා
නෙතේ කඳුළු බොඳ වෙනවා සිහිවෙනකොට අම්මා
මතු භවයෙදි සෙනෙහෙ සිතක් හිමි වෙනවා සත්තයි
.....ආදරබර උකුල් තලේ නිදියන පුතු මමමයි.....

                            එත් අම්මෙ එක වෙනසක් තියෙනවා දැන්..ඉස්සර වගේ දැන් මට ඔයා බත් කවන්නෙ නෑ..මට කථා කියලා දෙන්නෙ නෑ..නින්ද යනකල් ඔළුව අතගාන්නෙ නෑ...ඔයා මට කියලා දෙන්න ඕනි වුන ඔක්කොම කථා කියලා ඉවරද මගේ අම්මේ...කමක් නෑ අම්මෙ මං තරහා නෑ..අදත් ඔයා උයලා තියලා පුතේ කාපන් කියන කොට ඔයාගෙ ආදරේ මට දැනෙනවා...මම ඔයාට වඳින කොට මගේ ඔළුව අතගාන කොට මට ඒක දැනෙනවා..එදා වගේ වඩාගෙන මාව රවුමක් කරකවන්න ඔයාට තාම ආසයි කියලා මම දන්නවා අම්මෙ..ඒත් කාලය කරපු වෙනස කොච්චරද අම්මෙ...එදා මෙදා තුර වෙනස් නොවුන එකම දේ මගේ සුදු අම්මියගෙ ආදරේ විතරයි නේද මට...තරහ ගියාම චුට්ටක් හයියෙන් කථා කරාම අම්මා හිතනව ඇති මම වෙනස් වෙලා කියලා..අනේ මම කොහොම වෙනස් වෙන්නද...මගේ ලෝක ඔයානෙ..ඇත්තටම ඔයා නැති වුනාම මම තනියම කියලා ඔයාටත් දුකයි නේද....
                   කවදාවත්ම සැපක් නොවිඳපු ඔයා අදත් විඳින්නෙ දුකම නේද...


12 comments:

  1. lassanai ............dukay godaaaak

    ReplyDelete
  2. කේන්ති ගියාමත් අම්මාට බනින්න එපා මල්ලි....... පව්...

    ReplyDelete
  3. නියමයි සහෝදරයා නියමයි .. මේ ලෝකේ කවුරු කලාටත් වැඩිය ආදරයක් අම්ම අපට දීල තියනවා ..
    "අප්පච්ච් යන දවසේ ඇහුනා ඉකිබිඳුම" ඒකනම් මටම කියපු කවියක්ද කොහෙද .. මගේ ජීචිතේට ගොඩක් සමානයි මේ පෝස්ට් එක .තාත්තා නැති මමත් මේ ලියලා තියෙන්නේ නිකම්ම නිකං පෝස්ට් එකක් නෙවේ කියලා හොඳටම දන්නවා ! ලියලා තියන හැටි ලස්සනයි සහෝදරයා ඕනම හිතකට වදිනවා ...ජයවේවා !!

    ReplyDelete
  4. ඔබ ..
    ලස්සනට ලිවත්...
    ඔබලියුදේ කියවු...
    මගේ දෙනෙත්....
    තෙත් වෙලා...
    කදුලෙන් පිරි...

    ඔබට ජයපතනවා..

    ReplyDelete
  5. කදුළු පිරුනු ඇස් දෙකින් කියෙව්වා..අම්මගේ ආදරේ ගැන කියන්න වචන මදි නේද

    ReplyDelete
  6. අම්මගේ ආදරේට සම කරන්ඩ පුළුවන් ආදරයක් තවත් මේ ලෝකයේ නැතුව ඇති...

    ReplyDelete
  7. ඇත්තටම යාළු අම්මා ගැන කියලා ඉවරකරන්න බෑ. වෙනස් නොවන සදාතනික ආදරය තියෙන්නේ අම්මා ලඟ විතරයි. වෙලාවකට හිතාගන්න බෑ අම්මා කෙනෙක් මෙච්චර පරිත්‍යාගශීලි වෙන්නේ කොහොමද කියලා.

    ReplyDelete
  8. @ kaawya...

    ස්තුතියි ඔයාට ගොඩක්...මටත් දුකයි ගොඩා..ක්...

    @ RanDil...

    ඒක ඇත්ත අක්කා/අයියා...අන්තිමට මටමයි දුක...

    @ හිස් අහස...

    ඇත්ත සඳරු...මේ ලියලා තියෙන්නෙ නිකම්ම නිකන් පොස්ට් එකක් නෙමෙයි..මේ ඔය හිස් අහසට මගෙන් තරු ටිකක් ඕනිද..?

    @ ඉලංදාරියා...

    ඉලංදාරි හිතකට කඳුළු ‍එන්නෙ කලාතුරකින්..මටත් එහෙමනෙ...අම්මගෙ ආදරේ හරි සුන්දරයි නේද යාළුවේ...?

    @ අකීකරු හිත....

    ඒ ආදරේ කොහොම විස්තර කරන්නද අක්කා..ඔන්න එහෙනම් ඔයත් කමෙන්ට් එකක් දැම්මා..පොඩ් සතුටකුත් තියෙනවා ඒ ගැන..

    @ Anonymous...

    බොහෝ දුරට මං ඔයාව දන්නවා...ම්..ම්..ඔයා නංගියෙක් නේද...?ස්තුතියි ඔයා‍ටත්..

    @ Jeew...

    සහිතකවම..ඒ ආදරේ මහමෙර තරම් කිව්වොත් ඒකත් වැරදියි මම නම් හිතන්නෙ..

    @ ayesha ....

    ඒකමනෙ යාළු අම්මගෙ ආදරේ මේ තරම් උතුම්..වටින්නෙ අපි හැමෝටම...නේද..?

    ReplyDelete
  9. මම දැනුයි බං දැක්කේ. නවත්තන්නේ නැතිව කියෙව්වා. දැන් මේ මගේ ඈස් වලට ආපු කඳුළු වලට කරන දේ මම හිතන්න ඔනේ ඊළඟට. ඒක නිසා වැඩිය මුකුත් කියන්න විදියක් නැහැ. උපරිමයි මචං. ඒ කියලා හිකනවා.

    ReplyDelete
  10. වැරදීම් වගයක් ඇති ඒ ටික හදපං පුළුවන්නම්. හදිස්සිය නිසා අවුල් වුනා.

    ReplyDelete
  11. ස්තුතියි මචන්..ඒත් මට මේ කමෙන්ට් එඩිට් කරන්න පුළුන් තැනක් හොයා ගන්න බැරි වුනා..එහෙම අවස්ථාවක් දීලානෑ වාගේ..ඒක අවුලක් නෑ...

    ReplyDelete

තරු අහසට ඔයා සඳක් වගේ පායලා ආ එක කොයිතරම් දෙයක්ද?ඒත් සඳක් වගේ හොරෙන්ම බැස යන්න එපා.ඔය ලස්සන අදහස මට හරි වටිනවා.ඇත්තටම මං ඒකෙන් ලොකු සතුටක් විදිනවා.ඉතින් මොනව හරි ලියන්න කියන මේ දයාබර ආරාධනය ඔයාටමයි.....!