ලියන්න දෙයකුත් නෑ...හිතේ තියෙන ඒවා ලියන්නත් බෑ...තනි වෙච්ච හිත ලියන්න මට හිතෙන්නෙ නෑ...කොච්චර හොඳ කරත් බැනුම් අහන...කොච්චර දේවල් කරත්..පුංචි වැරැද්දක් වුනාම ඒ ඔක්කොම හොඳ අමතක වෙන...ගොඩක් හිත පෑරෙන්න බනින අය ඉන්න ලෝකයක් මේක...ඒත් මේ හිත සැනසෙනවා...ඒ ඔයාලා ළගදි...කොච්චර බැන්නත් ආයෙම ආදරෙන් කථා කරද්දි ඒ දුක නැති වෙනවා....දන්නවා ඔය හිත් දෙකේ තියෙන ආදරේ මං වෙනුවෙන්...
මං අහලා තිබුනා ගොඩක් අවංක වුනාම...ගොඩක් හොඳ වෙන්න හදන කොට හිත පෑරෙනවා වැඩියි කියලා...ඒ පුංචි කාලෙ...ඒත් ලොකු වෙන්න ලොකු වෙන්න මං අත් වින්ඳා ඒක බොරුවක් නෙවෙයි කියලා...ජීවිතේ කතරක් නම් ඔයා මිරිඟුවක් නොවී ලස්සන විලක් වුනා...අම්මේ ඔයත් මේ කතර දුර යන්න අර ඈත පේන නීල වන රේඛාව වුනා....
කොච්චර දේවල් වුනත් කලත්...මේ හිත රිදුනත්...සත්තයි...මේ හිතේ කිසිම තරහක් නෑ....තියෙන්නෙ ආදරේ...බොරු සෝබන වලින් පිරුන ආදරයක් නොවෙයි...පොළොවෙ පය ගහලා ඇවිදින..ජිවිතේ විඳින...ඒකෙ රුඳුරු බව දන්න හිතකින් එන ආදරේ...මම දන්නෙ නැ ඒක හොඳද නරකද කියලා..ඔයාලව ජීවිත කාලෙම බලා ගන්න සතුටින් තියන්න හයිය තියෙන ආදරයක්...
වැටුන විට එකවරක් නැගිටීවි දස වරක්
තැලුන විට හිත රිදී පිපෙයි මුව සිනාවක්
කඳුළු හද රිදවලා ආවොතින් එක බිඳක්
දරන්නට බැරිම නම් අඩයි ලොව නොදනිතත්
හිනැහුනත් වටේ උන් මුව සිනා දැක බලා
ගෙවා කල් මර මරා වුනත් කුළුපග කථා
කථාවෙන් බොහෝ උන් දුන්න මුත් පණ වුවත්
උන් නොමැති බව දනිමි යනෙන මේ දිවි මගේ
චණ්ඩ මේ දිවි මගේ හිරු නුඹයි සඳු ඇයයි
අඳුරු නැති ජීවිතේ මට කොහිද මිරිඟුවක්
වෙලා පොඩ් වැරැද්දක් ගත්තමුත් වාඩුවක්
ඔය දෙසිත මිස කොහිද මගෙ සිතට සැනසුමක්
![]() |
Just like My life |
***
කාටද කියුවෙ..... :) ඈත්තටම හොදයි...හෑබෑඉ ලොකය ගෑන ටිකක් තරහින් ඉන්න බවක් තමා මට දෑනුනෙ...ම්ම්ම්.....Keep.
ReplyDeletemmmmmmmmmmmmm gud
ReplyDeleteඅම්මයි තාත්තයි ගැන් නේද? හ්ම්ම්ම්... ඒගොල්ලන්ට මුලු ලෝකෙම අපි.
ReplyDeleteලස්සනයි ලියලා තියෙන විදිහ නම්. මටත් හිතෙන්නේ හංසිට හිතුන දේමයි. අම්මටයි අප්පච්චිටයි නේද ලියලා තියෙන්නේ
ReplyDeleteනැහැ යාළුවනේ අම්මයි නංගියි ගැන...
ReplyDelete"මං අහලා තිබුනා ගොඩක් අවංක වුනාම...ගොඩක් හොඳ වෙන්න හදන කොට හිත පෑරෙනවා වැඩියි කියලා...ඒ පුංචි කාලෙ...ඒත් ලොකු වෙන්න ලොකු වෙන්න මං අත් වින්ඳා ඒක බොරුවක් නෙවෙයි.." ඒ කතාව සම්පූර්ණ ඈත්ත මල්ලි.තමන්ගෙ අම්ම තාත්ත ඈතුළු පවුලෙ අයගෙන්ගෙන් වට වෙච්ච ගෙදරදි ඈරෙන්න අනික් හෑම තෑනකටම ඔය සිද්ධාන්තය 100% හරි...ඔයාට සුබ අනාගතයක්...!!!
ReplyDelete